IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 25 ක් කිරීමේ අපේක්ෂාවක්

  • වත්මන් ප්‍රතිශතය සියයට 19.6 ක්
  • 2025 පළමු මාස දෙකේදී පිට පිට ඩොලර් බිලියන 1.4 කට ආසන්න අපනයන ආදායමක්

භානුක අමරසිංහ 

වසර 2030 වන විට මෙරට අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 25 ක ප්‍රතිශතයක් කරා ළඟා කිරීම සිය අපේක්ෂාව බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. 

එම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 25 වැනි අපනයකරුවන්ගේ සංසදය අමතමින් සභාපතිවරයා මේ බව පවසා සිටියේය. 

“වර්තමානයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 19.6  ක්. එය ඉදිරි වසර 5 ඇතුළත සියයට 25 කට වඩා වැඩි අගයක් බවට පත් කිරීම අපේ අපේක්ෂාවයි.” 

ඒ අනුව මේ වසරේදී අපනයන ආදායම ඩොලර් බිලියන 19 ක් ඉක්මවීම අරමුණ බවද සභාපතිවරයා පැවසීය. පසුගිය වසරේදී රැස්කරගත් ඩොලර් බිලියන 16 ක ඉලක්කයක සිට මේ වසරේදී ඩොලර් බිලියන 19 ක ඉලක්කයක් දක්වා යන ගමන ලොකු අභියෝග රැසක් පවතින්නක් බවත් ඔහු පවසයි. 

“2025 පළමු මාස දෙකේදී පිට පිට ඩොලර් බිලියන 1.4 කට ආසන්න අපනයන ආදායමක් රැස් කිරීමට හැකියාව ලැබී තියෙනවා. දෙවැනි කාර්තුවේදී එම ආදායම මාසිකව ඩොලර් බිලියන 1.6 ක් දක්වා වැඩිවේවි. තෙවැනි සහ සිව්වැනි කාර්තුවලදී එය ඩොලර් බිලියන 1.7 ත් 1.8 ත් අතර අගයක් ගනීවි.” සභාපතිවරයා පවසයි. 

ඒ අනුව 2024 හා සැසඳීමේදී මේ වසරේදී අපනයන ආදායමේ සියයට 14 ක වර්ධනයක් ඇතිවේ යැයි අපේක්ෂා කරන බවත්, 2023 වසරට සාපේක්ෂව 2024 දී එය සියයට 6 ක වර්ධනයක් පෙන්නුම් කළ බවත් ඔහු සඳහන් කළේය. 

“ලංකාවේ අපනයනවලින් සියයට 25 ක්ම යන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට. ඉදිරි පස්අවුරුදු සැලසුම යටතේ අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 36 කට වැඩි කිරීම අපේක්ෂාවයි. එතැනදී භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 27.5 කුත්, සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 8.5 කුත් ලෙස ඉලක්කයක් පවතිනවා.” සභාපති වරයා කීවේය



අදහස් (0)

අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 25 ක් කිරීමේ අපේක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site