IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


Toyota Lanka 17 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී Toyota L.I.F.E එළිදකී

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන ටොයොටා ලංකා (පෞද්ගලික) සමාගම විසින් ටොයොටා ජෙනුයින් මෝටර් ඔයිල්, ටොයොටා ජෙනුයින් අමතර කොටස්, PIRELLI, Accelera සහ Otani ටයර් මෙරට තුළ බෙදා හැරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන සිය අලෙවි නියෝජිතයන් අගයමින් 17 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව Cinnamon Life at City of Dreams, Colombo  හිදී පසුගියදා අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. 

මෙම අවස්ථාව ටොයොටා ලංකා හි දීප ව්‍යාප්ත අලෙවි නියෝජිත ජාලයෙහි විශිෂ්ටත්වය අගය කිරීමත් ඔවුන් හා සමාගමේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත් ගෞරවනීය වේදිකාවක් විය. 

මෙවර සමුළුව “Toyota L.I.F.E.”  යන තේමාව ඔස්සේ සංවිධාන වූ අතර එය පක්ෂපාතීත්වය, අඛණ්ඩතාව, සාධාරණත්වය සහ ආචාර ධර්ම යනාදියේ සංයෝජනයක් ලෙසින් එම අවස්ථාව වඩාත් අරුත්බර කිරීමට ශක්තිමත් පදනමක් විය. මෙම තේමාව අලෙවි නියෝජිත ජාලය සහ මෝටර් රථ කර්මාන්තය අතර පවතින විශ්වාසය, විවෘතභාවය සහ දිගුකාලීන සාර්ථකත්වය ගොඩනැගීම සඳහා සමාගම දරන කැපවීම අර්ථවත් කරන ලදී. 

”‍අපගේ සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ අපගේ අලෙවි නියෝජිතයන් අපට සහ අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැපයීම කෙරෙහි දක්වන නොසැලෙන කැපවීම මතයි. මෙම වටිනාකම්වලට අනුව වැඩ කිරීමෙන් අපගේ ව්‍යාපාර ශක්තිමත් වනවා පමණක් නොව ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සඳහා වඩාත් සදාචාරාත්මක සහ තිරසාර අනාගතයක් ගොඩනැගීමටද දායක වන බව නිසැකය. අපගේ අලෙවි නියෝජිතයන්ගේ විශ්වාසය, කැපවීම සහ වෙහෙස මහන්සිය මම මුළු හදවතින්ම අගය කරමි. එලෙසම දීප්තිමත් අනාගතයක්, වඩා හොඳ ශ්‍රී ලංකාවක් සහ සමෘද්ධිමත් ව්‍යාපාරයක් වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු.”‍ යනුවෙන් ටොයොටා ලංකා හි සභාපති Sachio Yotsukura  මහතා පැවසීය.

ටොයොටා ජෙනුයින් මෝටර් ඔයිල්, ටොයොටා ජෙනුයින් අමතර කොටස්, සහ ටයර් යන ව්‍යාපාරික කාණ්ඩ ත්‍රිත්වයෙහි ඉහළම කාර්යසාධනයක් සහිත අලෙවි නියෝජිතයන්ට සුවිශේෂ ත්‍යාග රැසක් හිමිවූ අතර එහිදී රන් සම්මානලාභීන් 60 දෙනකුට එක්සත් රාජධානියට සුවිශේෂ සංචාරයක්ද, රිදී සම්මානලාභීන් 87 දෙනකුට චීනයට අතිවිශේෂ විනෝද චාරිකාවක්ද සහ ලෝකඩ සම්මානලාභීන් 71 දෙනකුට අමතක නොවන ඩුබායි සංචාරයක්ද හිමිවිය. මෙම සියලු‍ ත්‍යාග ඔවුන්ගේ සුවිශේෂ කැපවීම සහ ජයග්‍රහණ අගයමින් ටොයොටා ලංකා සමාගම විසින් ඔවුන් වෙත තිළිණ කරන ලදී. 



අදහස් (0)

Toyota Lanka 17 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී Toyota L.I.F.E එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site