IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වංචාවලට හසුවන්නේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රමාණවත් නොවීමෙන් - මහ බැංකු අධිපති

විමුක්ති එස් රුද්‍රිගු

මෙරට ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පිරමීඩ ක්‍රම වැනි මූල්‍ය වංචාවලට හසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන හා බැංකු සපයන නව තාක්ෂණික සේවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කළේය.

ජනතාව වැඩි හරියක් වංචාවලට හසුවන්නේ අන්තර්ජාලයේ පළ කර ඇති දැන්වීම් ඔස්සේ බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. තමන් සතු මුදල් වැරදි ආකාරයෙන් යෙදවීමට උත්සාහ දැරීම හේතුවෙන් ධනවත් පුද්ගලයන්, වංචාවලට හසුවීමේ ඉහළ අවදානමක් තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. එයට මූල්‍ය සාක්ෂරතාව සහ දැනුම අඩුවීම හේතුව බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. වර්තමානයේ අන්තර්ජාලයේ මෙවැනි දැන්වීම් දක්නට තිබෙන බවත් වට්ටම් සහ බොහෝ දේ ලබා දෙන බවට පවසමින් ආයෝජන ලබා ගැනීමට එම දැන්වීම්වලින් වංචනිකයන් උත්සාහ දරන බවත් ඔහු සඳහන් කළේය.

වත්මන් ප්‍රවණතාව වන්නේ පැළ රෝපණය සඳහා මුදල් ආයෝජන බාර ගැනීම බවත් පුද්ගලයන්ගේ සිත් ඇදී යන ආකාරයේ මුදලක් පැළ රෝපණය සඳහා යොදවන ආයෝජන මගින් නැවත ලබාගත හැකි බව පෙන්වා දෙමින් විශාල වශයෙන් ඒ ආකාරයේ දැන්වීම් අන්තර්ජාලයේ සංසරණය වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.

පැළ රෝපණයට ආයෝජනය කිරීමෙන් පලතුරු හෝ එළවළු වැනි ඵලදාවක් ලබා ගැනීමෙන් විශාල ලාබයක් ලබාගත හැකි බව එම දැන්වීම් පෙන්වා දෙන බවත් නීතියේ හිඩැස් අතරින් රිංගමින් එම වංචනිකයන් ආයෝජන ලබා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය. 



අදහස් (0)

වංචාවලට හසුවන්නේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රමාණවත් නොවීමෙන් - මහ බැංකු අධිපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 171 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site