IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ජී.එස්.පී. ප්ලස් සමාලෝචනයට යුරෝපා සංගම් කණ්ඩායමක් ලබන මස මෙරටට

විමුක්ති එස් රුද්‍රිගු

ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීම සඳහා සමාලෝචනයක් කිරීමට යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන මස මැදදී මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය.

නව රජයක් පත්වූ විට තත්වය තක්සේරු කිරීම සඳහා සාමාන්‍යයෙන් යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් මෙලෙස පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය. ජී.එස්.පී. ප්ලස් සහනය අඛණ්ඩව ලබා ගැනීම සඳහා අවශ්‍යතා සපුරාලීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය එම නියෝජිත කණ්ඩායම සමාලෝචනය කරනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

සමාලෝචනයෙන් පසුව නියෝජිත කණ්ඩායම රජයට නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවත් ඉදිරියට යන විට ඔවුන් සමග ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීමට ද බලාපොරොත්තු වන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.

 



අදහස් (0)

ජී.එස්.පී. ප්ලස් සමාලෝචනයට යුරෝපා සංගම් කණ්ඩායමක් ලබන මස මෙරටට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 146 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 44 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site