IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


INSEE සිමෙන්ති සහ ISMM උපායමාර්ගික හවුල්කාරීත්වයක

INSEE සිමෙන්ති, රටේ සැපයුම් දාම ක්ෂේත්‍රයේ පරිවර්තනයක් වෙනුවෙන්, සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) සමග උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. පසුගියදා කොළඹ පැවති උත්සවයකදී INSEE ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය සහ ISMM සභාපති ජයන්ත ගල්ලේහේවා යන මහත්වරු ආයතන දෙකෙහිම නියෝජිතයන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ සැපයුම් දාම ක්ෂේත්‍රයේ ප්‍රමිති ඉහළ නැංවීම ඉලක්ක කරමින්, අන්‍යෝන්‍ය වශයෙන් දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ සැලසෙන ක්‍රමවේදයක් මෙම සහයෝගීතාව මගින් ස්ථාපිත කෙරෙනු ඇත. සැපයුම් දාම කළමනාකරණ ක්ෂේත්‍රයට වඩාත් දක්ෂ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා කර්මාන්ත සහ අධ්‍යයන අංශ දෙක අතර පරතරය අවම කිරීමට ද මෙම හවුල්කාරිත්වය මගින් මූලික අවධානයක් යොමු කෙරේ.

“ශ්‍රී ලංකාවේ සැපයුම් දාම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඉහළ නැංවීමට උපායමාර්ගිකව එක්ව කටයුතු කිරීමෙන් ආයතන දෙකටම ප්‍රතිලාභ සැලසෙනවා. INSEE සතු පුළුල් කර්මාන්ත විශේෂඥතාව සහ මෙහෙයුම් පිළිබඳ දැනුම වගේම ISMM වෙතින් ලබා දෙන අධ්‍යාපනික දැනුම සහ විශේෂිත පුහුණු වැඩසටහන් යන ප්‍රතිලාභ සියල්ල මේ හවුල්කාරිත්වයෙන් ලැබීමේ අවස්ථාව උදා වෙනවා. සිසුන්ට සහ වෘත්තිකයන්ට වටිනා අවස්ථා නිර්මාණය කිරීමටත්, සැපයුම් දාම ක්ෂේත්‍රයේ වර්ධනය වන අවශ්‍යතා සපුරන්නටත් අපි කැපවීමෙන් යුතුව එක්ව කටයුතු කරන්නට සූදානම්,” යනුවෙන් INSEE සිමෙන්ති ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

INSEE සිමෙන්ති සහ ISMM උපායමාර්ගික හවුල්කාරීත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site