
කොළඹ පිටකොටුව හෙවත් pettah , විවිධ භාණ්ඩ හා සේවා රැසක් සපයන කාර්යබහුල වගේම ජවසම්පන්න වාණිජ මධ්‍යස්ථානයකි. පිටකොටුවේ එකී මෙකී නොකී සෑම දේම අලෙවි වේ. කොයි කවුරුත් තොග මෙන්ම සිල්ලර බඩු මිලදී ගැනීමට පිටකොටුවට ළඟා වන්නේ ඒ නිසාය. පිටකොටුවේ වීදී මෙන්ම පීපල්ස් පාර්ක් සංකීර්ණයද ඕනෑම වෙලාවක සෙනගින් පිරී ඉතිරී පවතී. කඩ සාප්පු 384 ක් පමණ තිබෙන පීපල්ස් පාර්ක් සංකීර්ණයේ අපි ගොඩ වූයේ කේ.එම්.ජේ ට්‍රේඩර්ස් වෙතයි. ළග ළගම එන උත්සව සමයත් සමග මේ දිනවල වෙළෙඳාම පිළිබඳව එහි අලෙවිකරුවකු වූ අබ්දුල් කාදම් මොහොමඩ් ඉන්ටියාස් මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
පාසල් ළමයින්ට අවශ්‍ය කරන පාසල් උපකරණ සියල්ලම අලෙවි සැලෙන් මිලදී ගැනීමට පුළුවන්. වට්ටම් සහිතව පාරිභෝගිකයාට සුබදායී මිලකට ඒවා අපි ලබාදෙනවා. ළමයකුට අවශ්‍ය කරන පාසල් උපකරණ දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද මෙහිදී ලබාගැනීමට පුළුවන්. සිල්ලරට වගේම තොග වශයෙන් ඒවා මිලදී ගැනීමේ හැකියාව ඒ ඔස්සේ පාරිභෝගිකයාට උදාවෙනවා. අපි අවුරුදු 22 ක ඉදන් බිස්නස් කරන්නේ. සේවකයොත් 6 ක් වැඩ කරනවා. මේ දිනවල බිස්නස් ගැන කතා කරනවා නම් බිස්නස් ගොඩක්ම අඩුයි. ආදායමක් ඇත්තෙම නැති තරම්.
Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න බලාපන එක හේතුවක් තමයි උත්සව සමය. අනෙක් බිස්නස්වලට ලාබදායක වුණාට අපිට උත්සව සමය නිසා බිස්නස් වැඩිවීමක් නෑ. නව පාසල් වාරය ආරම්භ කළේ ජනවාරී මාසේ අග. ඒ නිසා දෙසැම්බර් මාසෙයි ජනවාරි මාසෙයි අපිට බිස්නස් හොඳට තිබ්බා. ඒ කාලේ තමයි අපේ සීසන් එක. ඒ දවස් වල බඩු ගත්ත නිසා දැන් ගන්නේ අඩුපාඩු බඩු විතරයි. තොග ගන්න අය වුණත් ලොකු ප්‍රමාණයක් මිලදී ගන්නේ නෑ. ඒ නිසා අපිට මේ දවස්වල බිස්නස් නෑ. අනෙක් හේතුව තමයි මිනිස්සුන්ට තියන ආර්ථික අපහසුතා. දැන් හැමදේකම බඩු මිල වැඩියි. කෙනෙක්ට පෑන් 10ක් ඕන වුණත් ගන්නේ පෑන් 2යි. පෑන් දෙකක් දැනට ඇති කියලා අරන් යනවා. එහෙම කරන්නේ මිනිස්සු ළඟ ඕන ප්‍රමාණයට බඩු ගන්නත් සල්ලි නැති නිසා. ඔය හේතු නිසා බිස්නස් අඩුයි.
ශෂිකා අබේරත්න
ඡායා- ලහිරු හර්ෂණ
බිස්නස් අඩු වෙන්න බලාපන එක හේතුවක් තමයි උත්සව සමය. අනෙක් බිස්නස්වලට ලාබදායක වුණාට අපිට උත්සව සමය නිසා බිස්නස් වැඩිවීමක් නෑ. නව පාසල් වාරය ආරම්භ කළේ ජනවාරී මාසේ අග. ඒ නිසා දෙසැම්බර් මාසෙයි ජනවාරි මාසෙයි අපිට බිස්නස් හොඳට තිබ්බා.
පීපල්ස් පාර්ක් සංකීර්ණයේ කේ. එම්. ජේ ට්‍රේඩර්ස්හි ව්‍යාපාරික
අබ්දුල් කාදම් මොහොමඩ් ඉන්ටියාස්
2025 නොවැම්බර් මස 04
206
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2076
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මේ දිනවල නම් බිස්නස් අඩුයි