
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරමින් BYD හි පළමු අතිනවීන නව බලශක්ති වාහන (NEVs) තොගය හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ BYD මගී වාහන සඳහා මෙරට බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto පහසුකම් සපයන ලද මෙම සුවිශේෂ සංධිස්ථානය නව්‍ය සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරයි.
මෙම නවතම මගී වාහන තොගයට BYD හි ජනප්‍රිය ගෝලීය මාදිලි වන BYD SEALION 6, BYD ATTO 3 සහ BYD DOLPHIN ඇතුළු තවත් අති නවීන නව බලශක්ති වාහන (NEVs) ඇතුළත් වේ. EV සහ Plug in hybrid මෝටර් රථවලට බෙහෙවින් ඇලුම් කරන පාරිභෝගිකයන්ට වසර පහකට වැඩි ආනයන සීමාවලින් පසුව ශ්‍රී ලංකා වෙළෙඳපොළට නැවත පිවිසි BYD මගී වාහන මිලදී ගැනීමට දැන් අවස්ථාව ඇත. වාහන කලින් වෙන් කරවා ගත් පාරිභෝගිකයන්ට එම වාහන බෙදා හැරීමේ කටයුතු ඉදිරි සතිවලදී ආරම්භ වීමට නියමිතය.
මේ පිළිබඳව අදහස් දක්වමින් JKCG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න මහතා මෙසේ පැවසීය. “BYD සමග අපගේ හවුල්කාරිත්වය පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීමේ අපගේ කැපවීම පිළිබිඹු කරන අතර එය ශ්‍රී ලංකාවේ සුපිරිසුදු, වඩාත් තිරසාර අනාගතයක් පිළිබඳ දැක්මට සහාය දක්වනවා. ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු මෙම නවතම BYD වාහන ශ්‍රී ලංකාවට රැගෙන ආ පළමු ආයතනය වීම ගැන අපි නිහතමානීව ආඩම්බර වෙනවා. ජෝන් කීල්ස් සමූහයේ සහයෝගිතාව උපරිම ලෙස භාවිත කරමින් රට තිරසාර ගමනාගමනය වෙත ගමන් කිරීම සඳහා උසස් තත්වයේ වාහන, යටිතල පහසුකම් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ලබා දෙමින් ශ්‍රී ලංකාව තිරසාර පරිවර්තනයක් කරා මෙහෙයවීම සඳහා සහාය වීම අපගේ අරමුණයි.”
2025 නොවැම්බර් මස 04
207
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2076
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
BYD ප්‍රථම මගී වාහන තොගය ශ්‍රී ලංකාවට