විමුක්ති එස් රුද්‍රිගු
බංකොළොත් වීමට හෝ ඈවර කිරීමට අවදානමක් තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 20,000 කට වැඩි ගණනක් මෙරට තිබෙන බවත් ආර්ථික අර්බුදයෙන් බැට කා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට හුස්ම ගැනීමට ඉඩක් ලබාදීම සඳහා රජය පරටේ නීතිය ක්‍රියාත්මක කිරීම මාස 12 කින් ප්‍රමාද කළ බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගියදා කොළඹදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනක සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා සිට මෙම වසරේ දෙසැම්බර් මස අවසානය තෙක් පාරටේ නීතිය ක්‍රියාත්මක කිරීම රජය කල් දමා තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. එම කාලය ලබා දීමෙන් රජය බලාපොරොත්තු වූ අරමුණ ඉටුකර ගැනීමට නම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සමග සංවාදයක් ගොඩනගා ගැනීමට මෙරට බැංකු පද්ධතියේ සහාය රජයට අවශ්‍ය වන බව සූරියප්පෙරුම මහතා සඳහන් කළේය.
ලබාදී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට රජය ආරාධනා කර සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. බංකොළොත් වීමට හෝ ඈවර කිරීමට අවදානමක් තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 20,000 න් බැංකුව වෙත පැමිණ ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් බවත් පසුගිය පෙබරවාරි මාසයේ දත්තවලට අනුව බැංකුවේ වෙත පැමිණ ඇත්තේ 1000 කටත් අඩු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ගණනක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එහිදී පැවැසුවේය.
රජය ලබාදී ඇති වාසි පිළිබඳව අර්බුදයට පත්ව ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ දැනුවත්භාවය සහතික කිරීම සඳහා බැංකු පද්ධතිය සමග මෑතකදී සාකච්ඡාවක් පැවැත්වූ බවත් ශ්‍රී ලංකා සිය ණය ප්‍රතිව්‍යුහගත කළ පරිද්දෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට බැංකුවලින් ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 20,000 කට වැඩි ගණනක් අවදානමක