IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


IIHS ආයතනය Surrey විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරිත්වයක

වසර 23කට අධික කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට මෙන්ම දකුණු ආසියානු කලාපයේම සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවයක් කරමින් එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල වර්ගීකරණයේ 07 වැනි ස්ථානයේ ඇති Surrey විශ්වවිද්‍යාලය සමඟ එක් වේ. 

මේ හරහා හෙද සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ට මෙන්ම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන තරුණ ප්‍රජාවට ගෝලීය වශයෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගත හැකිය. මෙම ගිවිසුම යටතේ IIHS ආයතනය සහ Surrey විශ්වවිද්‍යාලය එක් වී අධ්‍යාපන අවස්ථා රැසක් හඳුන්වා දීමට නියමිතය. ශ්‍රී ලාංකික මෙන්ම කලාපීය සිසුන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් සපුරා ගැනීමට උපකාර වන හෙද අධ්‍යාපන වැඩසටහන්ද ඊට ඇතුළත් වේ. අධ්‍යාපන පාඨමාලාවලින් කොටසක් IIHS ආයතනයේ හදාරා අවසාන වසර සඳහා Surrey විශ්වවිද්‍යාලය වෙත යොමු වීමට සිසුන්ට අවස්ථාව ඇත. ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණෙන් මෙරට සහ එක්සත් රාජධානියේ විෂය නිර්දේශ ඒකාබද්ධ කරමින් අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කර තිබේ. 

IIHS ආයතනය රජයේ හෙද නිලධාරීන් 3,500ක් පමණ පුහුණු කිරීමට දායක වී ඇති අතර තවත් සිසුන් 2,000කට වැඩි පිරිසකට අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සපයා ඇත. “ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කලාපයට ලොව පිළිගත් සෞඛ්‍ය සේවා අධ්‍යාපන පහසුකම් සැපැයීම සඳහා වන අපගේ දැක්මේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම හඳුන්වන්නට පුළුවන්. අප ඉදිරියටත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අනාගතය යහපත් කිරීමට කැප වෙනවා.” IIHS ප්‍රධාන විධායක නිලධාරි සහ උපාධි අධ්‍යයන පීඨාධිපති විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය. Surrey විශ්ව විද්‍යාලයේ සම පීඨාධිපති (ජාත්‍යන්තර) ආචාර්ය ශෙලිනි සුරේන්ද්‍රන් පැවසුවේ ශ්‍රී ලංකාව මේ වන විටත් කළාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වී ඇති බවයි.

 



අදහස් (0)

IIHS ආයතනය Surrey විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරිත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site