IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


SLIM-Kantar සම්මාන උළෙලේ හයවැනි වරටත් වසරේ පාසල් උපකරණ සන්නාමය Atlas

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමයක් වන Atlas, සිය ජනප්‍රියතාව නැවත වරක් තහවුරු කරමින් SLIM-Kantar People’s Awards 2025 හිදී අඛණ්ඩව හයවැනි වරටත් ‘වසරේ පාසල් උපකරණ සන්නාමය’ ලෙස SLIM ජනතා සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. පාසල් ලිපිද්‍රව්‍ය සන්නාමයෙන් ඔබ්බට යමින් මෙරට දූ දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා කටයුතු කරන Atlas Axillia ආයතනයේ නොසැලෙන කැපවීම, මෙකී සම්මානයෙන් පිදුම් ලැබීමත් සමගින් තවදුරටත් ඉස්මතු විය. 

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් අපේක්ෂාවෙන් උසස් තත්වයේ පාසල් සැපයුම් සහ නව්‍ය ඉගෙනුම් අත්දැකීම් හඳුන්වා දෙමින් Atlas ආයතනය අනාගත පරම්පරාව සවිබල ගැන්වීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. පාසල් දුවා දරුවන් උනන්දුවකින් යුතුව සිය අධ්‍යාපන කටයුතු හැදෑරීමේදී ඔවුනට සතුටින් සහ පහසුවෙන් අවබෝධ කරගත හැකි ඉගෙනුම් ක්‍රමවේද සපයන Atlas සන්නාමය, ඇට්ලස් සිප්සවි, ගුරුගුරු සහ ඇට්ලස් Learn වැනි මුලපිරීම් හරහා පාසල් සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට ද සිය කාර්යභාර්ය මැනවින් ඉටුකර ගැනීමට අනගි සහායක් ලබා දෙයි. 

අඛණ්ඩව හයවැනි වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව අදහස් දැක්වූ Atlas Axillia සමාගමේ අලෙවි ප්‍රධානී රන්දික ද සිල්වා මහතා මෙසේ පැවසීය. “දශක 6 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සිසු දරුවන්ට ගුණාත්මක නිෂ්පාදන හඳුන්වා දෙමින් යළිත් වතාවක් ජනතාවගේ හොඳම තේරීම බවට පත්වීම අප ලද විශාල ගෞරවයක්. සියයට 92 ක සාක්ෂරතා අනුපාතයක් සහිතව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම වැඩිදියුණු වී තිබීම සම්බන්ධයෙන් අප ජාතියක් වශයෙන් ආඩම්බර වෙනවා සේම එම ඉලක්කයන්ට මුහුණදෙන දරුවන්ගේ අභියෝග පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙනවා. එබැවින් ගුණාත්මක නිෂ්පාදන සහ ආකර්ෂණීය ඉගෙනුම් ක්‍රමවේද ඔස්සේ දරුවන්ට ඇති අභියෝග විසඳමින් ඔවුන්ට සතුටින් ඉගෙන ගත හැකි වපසරියක් නිර්මාණය කර දීමට Atlas සන්නාමය උර දෙමින් සිටිනවා. අධ්‍යාපනයෙන් දීප්තිමත් අනාගතයක් උදා කර ගැනීම සඳහා වෙහෙසෙන අනාගත පරපුරේ යහපැවැත්ම උදෙසා විශ්වාසවන්ත සන්නාමයක් වශයෙන් අප ඉදිරියටත් ඔවුනට අඛණ්ඩව සහයෝගය දැක්වීමට බැඳී සිටිනවා.”

මෙරට කිසිදු දරුවකුගේ අධ්‍යාපනය අතරමග නතර නොකිරීමේ අභිලාෂයෙන් කටයුතු කරන Atlas සන්නාමය, පාසල් සිසු දරුවන් දැනුමෙන් සන්නද්ධ කරලීමට යුහුසුලු වන අතර, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික අංශය නව්‍ය සහ බලපෑම් සහගත ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කිරීමෙහිලා නොමසුරු දායකත්වයක් ලබා දෙනු ඇත.

 



අදහස් (0)

SLIM-Kantar සම්මාන උළෙලේ හයවැනි වරටත් වසරේ පාසල් උපකරණ සන්නාමය Atlas

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 146 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site