සහනාධාර දීමෙන් දිළිඳුකම පිටු දැක්කාද?
ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසුව පත් වූ සෑම රජයක්ම දිළිඳුකම පිටුදැකීම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. 1948 පෙබරවාරි හතර වැනිදා අපේ රටට නිදහස ලැබීමත් සමග බලයට පැමිණි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජයෙන් පටන් ගෙන මේ දක්වා පත්වූ සෑම රජයක්ම මෙම දිළිඳුකම පිටුදැකීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ඉතිහාසය කියයි. හාල් පොතෙන් පටන් ගෙන හාල් සේරු දෙක, හඳෙන් හාල්, වගේම ධාන්‍ය රාත්තල් අට, වැනි විවිධ නම්වලින්