ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි ව්‍යාපාරික විසඳුම් සපයන ආයතනය වන හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ්, ගෝලීය වශයෙන් පිළිගත් Evonik සමාගමේ විශේෂ පෝෂණ නිෂ්පාදන බෙදාහැරීමේ අවසර ලත් ශ්‍රී ලංකාවේ එකම සමාගම බවට පත්ව ඇත. උසස් තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇති මෙම නිෂ්පාදන, ශ්‍රී ලංකාවේ කුකුළු පාලන ක්ෂේත්‍රයේ ලබා ගත හැකි පළමු අවස්ථාව මෙයයි.
Evonik යනු රටවල් 110කට වැඩි ගණනක ක්‍රියාත්මක වන දැවැන්ත ජර්මානු සමාගමකි. එය ලෝකයේ ඉහළම සත්ව පෝෂණ සමාගම් පහෙන් එකක් වන අතර, ප්‍රධාන සුවිශේෂි පෝෂක සංඝඨක නිෂ්පාදකයෙකි. ඔවුන්ගේ සත්ව පෝෂණ නිෂ්පාදන ශක්තිමත් විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් වීම, සත්ව සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වීම, ආහාර භාවිතය ප්‍රශස්ත කිරීම සහ සමස්ත ගොවිපොළ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ප්‍රසිද්ධයක් උසුලයි.
ශ්‍රී ලංකාවේ සත්ව ආහාර නිෂ්පාදන සමාගම් සහ කුකුළු පාලන ක්ෂේත්‍රය නවීනතම පෝෂණ නිෂ්පාදනවලින් සන්නද්ධ කිරීමේ අරමුණින්, Evonik ආයතනයේ උසස් ප්‍රමිතියෙන් යුත් නව නිෂ්පාදන පෙළ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමේ උත්සවය 2025 නොවැම්බර් මස 25 වැනි දින කොළඹ කිංස්බරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාව Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සහ Evonik ආයතනයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ඒ අනුව, Evonik ආයතනය නියෝජනය කරමින් එහි සත්ව පෝෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය මේරියන් හැක්ස්, ගෝලීය පෝර්ට්ෆෝලියෝ සංවර්ධන කළමනාකරු ආචාර්ය ලූකස් බවර්, ආසියානු කලාපයේ විශේෂ පෝෂණ අංශයේ තාක්ෂණික ප්‍රධානී ආචාර්ය ගිරිෂ් චන්නරායපටානා සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලය සඳහා ව්‍යාපාර කළමනාකරු ලෙස කටයුතු කරන වෛද්‍ය යුව්රාජ් පටීල් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම නිල සමාරම්භය සඳහා එක් වූහ.
මෙම නව නිෂ්පාදන අතර ආහාර මාර්ගයේ සෞඛ්‍යය වැඩි දියුණු කරන, ආතතිය අඩු කරන සහ කුකුලන් නිරෝගීව තබා ගන්නා විශේෂ ප්‍රෝබියොටික් වර්ගයක් වන GUTCARE®, විශේෂයෙන් ආහාර මාර්ගයේ සෛල ආරක්ෂා කරන සහ පෝෂ්‍ය පදාර්ථ වඩා හොඳින් අවශෝෂණය කර ගැනීමට උපකාරී වන ට්‍රයිබියුටිරින් නිෂ්පාදනයක් වන SPEOCARE® T60 සහ මාංශ පේශි වර්ධනය සහ ප්‍රජනන ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන, සත්වයන්ගේ ශරීරයට ඉතා පහසුවෙන් අවශෝෂණය කරගත හැකි ශක්ති ප්‍රභවයක් වන ගුවානිඩිනොඇසිටික් අම්ලය (GAA) අඩංගු ඉතා ඵලදායී අතිරේකයක් වන GUANAMINO® අන්තර්ගත වේ.
COMMENTS