භානුක අමරසිංහ
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් මෙම වසර තුළදී ගුවන් ගමන් බලපත්‍රය ඉලෙක්ට්‍රොනික ගුවන් ගමන් බලපත්‍රයක් (ඉ-පාස්පෝර්ට්) බවට පත්කිරීම සඳහා සැලසුම් කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය එක්ව මෙරට තුළ ඩිජිටල් රක්ෂණ කාඩ්පතක් හඳුන්වාදීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
“මෙම ගුවන් ගමන් බලපත්‍රය ඉ-පාස්පෝර්ට් එකක් බවට පත් කිරීමේ කටයුතු සියල්ල අවසන් කර තිබෙනවා. මෙම වසර තුළ එය අවසන් කරනවා. ගුවන් තොටුපොළට දැනට ඉ-ගේට් (ස්වයංක්‍රීය දොරටු) හතරක් සවි කර තිබෙනවා. තවත් හතරක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ඉ-හැඳුනුම්පත් නිකුත් කිරීමටත් සැලසුම් කර තිබෙනවා.“
සාමාන්‍ය ගමන් බලපත්‍රයකට වඩා මෙහි ඇති ප්‍රධාන වෙනස වන්නේ එහි ඇතුළත් කර ඇති ඉලෙක්ට්‍රොනික චිපයයි. එය තුළ අදාළ පුද්ගලයාගේ ජීවමිතික දත්ත ඡායාරූපය සහ අනන්‍යතා තොරතුරු ඇතුළත් කර තිබේ. මෙම ඉ-පාස්පෝර්ට් යොදා ගෙන ලෝකයේ බොහෝ රටවල ඇති e-Gates හරහා නිලධාරියකුගේ මැදිහත් වීමකින් තොරව ඉක්මනින් ගමන් කිරීමේ හැකියාව ලැබෙයි.
COMMENTS