මහරාජා ෆුඩ්ස් පීඑල්සී සමාගම සිදු කිරීමට යෝජනා කර ඇති හිමිකම් නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය හිමිවූ බව පවසයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා වන අතිවිශේෂ මහා සභා රැස්වීම ලබන ජනවාරි 30 වැනිදා පැවැත්වෙයි.  මෙම හිමිකම් නිකුතුව යටතේ දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 10ක් සඳහාම අලු‍තින් එක් කොටසක් නිකුත් කෙරේ. මෙම හිමිකම් නිකුතුව සඳහා වන ගෙවීම් භාර ගැනීමේ අවසන් දිනය පෙබරවාරි 27 වැනිදා ලෙස සටහන්ව තිබේ.