සමාජයීය ඔරේන්ජ් බැඳුම්කරයක් ලෙස නිකුත් කිරීම සැලසුමයි
භානුක අමරසිංහ
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සමාජයීය ඔරේන්ජ් බැඳුම්කරයක් (Social orange bond) නිකුත් කිරීමට සැලසුම් කර සිටින බව පවසයි. පසුගියදා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊට අනුමැතිය දී තිබේ.
මෙය වසර පහකින් කල් පිරෙන ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ඉහළ ඵලදාවක් සහිතව නිකුත් කෙරෙන අතර, රැස් කෙරෙන වටිනාකම රුපියල් බිලියන 2කි.
මෙම සමාජීය ඔරේන්ජ් බැඳුම්කර යනු කාන්තා සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාව ඉලක්ක කරගත් ව්‍යාපෘති වෙත අවශ්‍ය අරමුදල් රැස් කිරීමේ අරමුණින් නිකුත් කරන්නකි.
ඒ අනුව අඩු ආදායම්ලාභී කාන්තාවන්ට සහනදායී ණය ලබා දීම, කාන්තාවන් මූලික කරගත් ව්‍යාපාර සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම සහ කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය ඇති කිරීම මෙවැනි සමාජීය ඔරේන්ජ් බැඳුම්කරයක අරමුණයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක අතරින් 5 වැනි ඉලක්කය වන “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව” (Gender Equality) යන්න නිරූපණයට භාවිත කරන වර්ණය තැඹිලි (Orange) වර්ණය බැවින්, මෙම බැඳුම්කරවලට එම නම ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd