භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම එහි සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් මිලියන 500 ක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගියදා ඊට අදාළ අනුමැතිය ලබා දී තිබේ. 
මෙය අදියර II, ලැයිස්තුගත, වර්ගකෙරුණු, උපප්‍රධාන, සමුච්චිත, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස සිදු කිරීම සැලසුම වී තිබේ. එහිදී ණයකර කොටස් මිලියන 5ක් (5,000,000 ක්) නිකුත් කෙරෙන අතර, කොටසක වටිනාකම රුපියල් 100ක් බැගින් නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 500 කි. වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන මෙම ණයකරය සඳහා ලබා දෙන පොලී අනුපාතය වාර්ෂිකව සියයට 12.5කි.