කහඹිලියා බෙහෙත වැරදී වෙදයි ගෝලයයි දෙන්නම රෝහලේ
ගෝලයාගේ අත්වැරදීමකින් රෝගියකුගේ ඇඟේ කහඹිලියා තැවරී රෝගියාත්, වෙද මහතාත් රෝහල් ගත වූ පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
එම වෙද මහතා ගමේ කැඩුම්බිඳුම් සුව කිරීම සම්බන්ධයෙන් නම ගිය පුද්ගලයකි. ඔහුගේ ජනප්රිය බව නිසාම බොහෝ ඈත පළාත්වල රෝගීන් පවා ඔහු සොයාගෙන පැමිණෙති. ඉතා ඉහළ මිලක් අය කළත් වෙදකම හොඳ නිසාත් ඔහුගේ නිවස රෝගීන්ගෙන් පිරී පවතී. මෙම වෙද මහතා ළඟ සිටින අත්උදව්කරුවා එතරම් උගත් පුද්ගලයකු නොවන අතර උදේ සිට නිදා ගන්නා