IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මගුල් දා පෙනී පෙනී ජෝඩුව හොරෙන් පැන ගිහින්

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි 
මංගල දිනය පෙනි පෙනී තිබිය දී මනාලයා මනාලිය හොරරහසේ කැන්දාගෙන යාමේ සිද්ධියක් හේතුවෙන් දෙපාර්ශ්වයේම ඥාතීන් බලවත් පීඩාවට පත්වීමේ සිදුවීමක්  පසුගියදා මා ඔය අසබඩ ගම්මානයකින් වාර්තා විය.
සමීප ගම්මාන දෙකක තරුණයකුගේ හා තරුණියකගේ මංගල්‍යය කතිකා කෙරුණේ කපු මහතකු හරහා ය . දෙපක්ෂයේ ඥාතීන් කළ සොයා බැලීම්වලින් අනතුරු ව  මනාල යුවළ හමුවී කතාබස් කරගත් අතර    මංගල්‍යයට දින නියම විය.
මංගල්‍යයට ඇත්තේ දින කිහිපයකි . දෙපාර්ශ්වයම එකම දවසක එකම ස්ථානයක උත්සවය පැවැත්වීමට මූලික කටයුතු සම්පාදනය කර තිබිණි . මේ මංගල්ලේ ආරාධිත ගණන ද ඉතාමත් සීමිත පිරිසකි.
දෙපක්ෂයේ ඥාතීන් මංගල කටයුතු සඳහා යුහුසුළුව වැඩ කටයුතු කරමින් තිබිණි . මංගල දිනයට තවත්  ඇත්තේ දින දෙකකි . මනාලයා මනාලියගේ නිවසට ආවේ මේ අතරය.
 දෙදෙනා අවශ්‍යතාවකට නගරයට යන බව පවසා පිටව ගොස් පැය හත අටක්  වන තුරුත් පැමිණියේ නැත . ඔවුනට දුරකථන ඇමතුම් ලබා දුන්නත් ඒවාට පිළිතුරු ද නැත. මනාලයාට සිදුවූයේ කුමක් දැයි  ඔවුන්ගේ පවුල්වල අයත් මනාලිය කොහේදැයි  මනාලියගේ පවුලේ අයත් සොයන්නට වූයේ මේ නිසාය.


පසුදිනට පහන් වෙද්දී දුර  බැහැර ඥාතියකුගෙන් පණිවුඩයක් ලැබිණි. මනාල යුවළ එහි පැමිණ සිටින බව ද එම ප්‍රදේශයේ කුලියට ගත් නිවසක  දෙදෙනා මංගල දිනයට දින දෙකක් තිබියදී පදිංචි ව නව දිවි ගමන් අරඹා ඇතැයි ද ඒ පණිවිඩයෙන් කියවිණි .
පසුදාට නියමිත මංගල උත්සවය ගැනීම සඳහා යුවළ ගෙන්වා  ගැනීමට දෙපාර්ශවයේ ඥාතීන් ගත් සියලු‍ උත්සාහයන් ව්‍යර්ථවීමෙන් පසු  නෑ හිත මිතුරන් දැනුවත් කර මංගල උළෙල නවතා දමන්නට කටයුතු කෙරිණි.
කෙසේ වෙතත් නියමිත දිනය අත ළඟම තිබියදී හොර රහසේ පලාගොස් පවුල් කන්නට තරම් මේ යුවළට  සිදු වූ හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

 



අදහස් (0)

මගුල් දා පෙනී පෙනී ජෝඩුව හොරෙන් පැන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site