IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රට ඉන්න සැමියා නෝනාට පෙම් කරන්නත් සල්ලි දීලා

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
සිය සැමියා ගොනාටම අන්දවා ඔහුගේම මුදලින් කොල්ලකු සමග වෙනම සුදි දිවියක් ගත කරමින් සිටියදී පොලීසියට මාට්ටුවූ අපූරු මවක පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ පැත්තෙන් ඇසෙයි.
අනේ මගේ නෝනා කවුද කොල්ලෙක් යාළු කරගෙන ගිහිල්ලා අම්බලන්ගොඩ ගේක ඉන්නවායැයි පිටරටක සිට අම්බලන්ගොඩ පොලීසියට දුරකතනයෙන් දැනුම් දුන්නේය. එයා අර කොල්ලාට රැවටිලා ගිහිල්ලා තියෙන්නේ.. අනේ මට එයා සොයලා දෙන්නයැයි ද ඔහු දුරකතනය ඔස්සේ බැගෑපත් වන්නට විය. මේ දුරකතන ඇමතුම දිනකට වරක් පාහේ අම්බලන්ගොඩ පොලීසියට ලැබෙන්නේ කාලයක සිටය. “අනේ සර් මගේ ළමයි අම්මා ඉල්ලනවා. ඒවගේම අර කොල්ලා මගේ නෝනාට කන්න බොන්න දෙන්නේවත් නැතිව දුක් දෙනවා..” යැයිද ඔහුගේ බැගෑපත් ලෙසින් ඉල්ලු‍වේය.
අන්තිම වතාවට ඔහු පොලීසියට දුරකතන ඇමතුම දුන්නේ සර් කොල්ලා මගේ නෝනාව බලෙන් ඉන්දන් ඉන්නේ අම්බලන්ගොඩ මේ ප්‍රදේශයේ නිවෙසකයැයි ද හෙළි කළේය. 
ඒ අනුව මොහුගේ අහිංසක ඉල්ලීම පිළිබඳව සොයා බලන්නට නියම කෙරුණි.


පොලිස් කොස්තාපල්වරයෙක් එම ප්‍රදේශයේ පදිංචිය සදහා කුලියට ආ පවුල් ගැන විස්තර සෙව්වේය. දරුවන් නැති පවුලක් ගැන ඒ අතරින් විශේෂ අවධානය ඔහු යොමු කළේය. එවැනි පවුලක් ගැන තොරතුරක් ආවේය. ඒ අනුව එහි ගිය කොස්තාපල්වරයාට දක්නට ලැබුණේ කොල්ලකුගේ උකුලේ ඔළුව තියාගෙන තොදොල් වෙමින් සිටිනා කාන්තාවකි. වැඩි සද්ද බද්දයක් නොකරම කොස්තාපල්වරයා මේ කාන්තාව සහ කොල්ලා ගැන විස්තර අසාගෙන අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා රේණුකා මහත්මිය එම නිවෙසට කැදවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය.
මේ කාන්තාව අම්බලන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයට එන්නේ මේ අනුවය. “තමුන් කොහොමද රස්සාවක් නොකරන මේ කොල්ලත් එක්ක මේ තරම් සුදියේ ඉන්නේ... ?” උප පොලිස් පරීක්ෂිකා රේණුකා මහත්මිය අසන්නේ නොඅසා සිටීමට බැරි ප්‍රශ්නයක් නිසාමය.


“ආ... ඒක මට සුළු දෙයක් නේ මිස්... මම අඬන්න වගේ මහත්තයාට කතා කරලා කියනවා අනේ මට කන්නවත් විදිහක් නැහැ මේ කොල්ලා මට හරියට කරදර කරනවා එන්න දෙන්නේවත් නැතිව කියලා... එතකොට මහත්තයාගේ හදවත උණුවෙලා මට සල්ලි දානවා. මම කොල්ලත් එක්ක ගිහිල්ලා ඒ සල්ලි අර ගන්නවා. එහෙම කිහිප පාරක්ම ගෙන්න ගත්තා. මහත්තයාට මාසයකට රුපියල් ලක්ෂ හතක් විතර පඩි හම්බ වෙනවා. මම ඉතින් ඒවගෙන් එක පාරකට රුපියල් ලක්ෂයක් දෙකක් ශෝක මූඩ් එක දාලා මහත්තයාට කියලා ගෙන්න ගෙන කොල්ලත් එක්ක ඉන්නවා.. එහෙම ඉන්නකොට තමයි මිස්ලාට අහුවුණේ... යැයි මේ තිදරුමව කීවේ ඇගට පතට නොදැනීමලු‍. 



අදහස් (1)

රට ඉන්න සැමියා නෝනාට පෙම් කරන්නත් සල්ලි දීලා

Pathirana Wednesday, 01 November 2023 03:29 PM

අවංක අහිංසක කෙල්ලෙක්...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site