IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කහඹිලියා බෙහෙත වැරදී වෙදයි ගෝලයයි දෙන්නම රෝහලේ

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
ගෝලයාගේ අත්වැරදීමකින් රෝගියකුගේ ඇඟේ කහඹිලියා තැවරී රෝගියාත්, වෙද මහතාත් රෝහල් ගත වූ පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
එම වෙද මහතා ගමේ කැඩුම්බිඳුම් සුව කිරීම සම්බන්ධයෙන් නම ගිය පුද්ගලයකි.  ඔහුගේ ජනප්‍රිය බව නිසාම බොහෝ ඈත පළාත්වල රෝගීන් පවා ඔහු සොයාගෙන පැමිණෙති. ඉතා ඉහළ මිලක් අය  කළත් වෙදකම හොඳ නිසාත් ඔහුගේ නිවස රෝගීන්ගෙන් පිරී පවතී. මෙම වෙද මහතා ළඟ සිටින අත්උදව්කරුවා එතරම් උගත් පුද්ගලයකු නොවන අතර උදේ සිට නිදා ගන්නා  තුරු මත්පැන් පානය කරන්නෙකි. ලෙඩෙකුට අරිස්ට වෙනුවට අරක්කු දුන් සිද්ධියක් ඇරෙන්නට ඔහුගෙන් වෙනත් අත්වැරදීම් සිදු නොවූ නිසා හා කීයක් හරි දී සේප් විය හැකි නිසාද වෙද මහතා ඔහු ළඟම තබාගෙන තිබේ.


කෙසේ වෙතත් සිදුවීම වූ දින පිට පළාතක ලෙඩෙකු තුනටියේ ආබාධයක් නිසා ප්‍රතිකාර පිණිස පැමිණ ඇති අතර වෙද මහතා සිය ගෝලයාට පවසා  ඇත්තේ ගේ පිටුපස ඇති ගසෙන් කොළ ටිකක් කඩාගෙන  කොටා රැගෙන එන ලෙසය.
ප්‍රතිකාර පිළිබඳව යම් අවබෝධයක් ගෝලයාට ඇති බැවින් නිතර නිතර ඖෂධ පිළිබඳව ඔහු දැනුවත් කිරීම වෙද මහතා විසින් සිදු නොකරයි. ගෝලයා කොටාගෙන ආ කොළ වර්ගය තවත් ඖෂධ සමග රෝගියාගේ තුනටියේ තැවරූ වෙද මහතා ‘‘ටිකක් ඉන්න’’ යැයි පවසා වෙනත් රෝගියකුට ප්‍රතිකාර කිරීමට සැරසෙද්දී, තුනටියේ අමාරුවට ප්‍රතිකාර කළ පුද්ගලයා ගීත නොමැතිව අමුතු නර්තනයක් ආරම්භ කර ඇත්තේ තුනටියේ අමාරුව අමතක කරමිනි.
 බොහෝ අසීරුවෙන් අන් අයගේ වාරුවෙන් පැමිණි මෙම රෝගියාට සිය ඖෂධ වලින් මෙතරම් ඉක්මනින් ප්‍රතිඵල ආවේ කෙසේදැයි සිතමින් ඔහු වෙත උජාරුවට පැමිණි වෙද මහතා කොහොමද දැන් සනීපයි නේද විමසා තිබේ.
 ‘‘මොන සනීපයක්ද, මොනවද මගේ තුනටියේ ගෑවේ.’’ යැයි අසමින් රෝගියා තම නර්තනය වේගවත් කරමින් බිම පෙරළී ඇත. ගෝලයාගේ මුහුණ බැලූ වෙද මහතා තම අතද කසන බව දැනී ගෝලයා ගෙනැවිත් ඇත්තේ තමන් සිතූ  ඖෂධය නොව ගේ පිටුපස ඇති කහඹිලියා කොළ බව දැනගෙන විගසින් තුනටියේ අමාරු රෝගියා සමග රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා තිබේ.



අදහස් (0)

කහඹිලියා බෙහෙත වැරදී වෙදයි ගෝලයයි දෙන්නම රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site