සැමියා ‘බිරිඳගෙ ඩ්රැයිවර්’ වී මළ ජූලියයි
මහා මාර්ගයේ ගමන් කරමින් තිබූ නවීන පන්නයේ මෝටර් රථය කහ ඉර අසල නතර කරනු ලැබුවේ එම අවස්ථාවේ කහ ඉර හරහා පාර මාරු වෙමින් සිටි මගීන්ට ඉඩදීම සඳහායි. මෝටර් රථය වැදගත් පෙනුමැති කඩවසම් තරුණයකු විසින් පදවමින් සිටි අතර, ඔහුගේ ගැබිනි බිරිය යයි සිතිය හැකි කාන්තාවක් ඉදිරිපස අසුනේ වූවාය.