(බමුණාකොටුව - එච්.එම්.එස්. හේරත්)
කාන්තා සංවිධානයකින් පොලියට ණය මුදලක් ලබාගත් දෙදරු පියකු එම සංවිධානයේ මුදල් අයකැමිවරිය සමග පැවැති ප්‍රේම සම්බන්ධතාවක් ගැන කියා ණය මුදල ගෙවීම මග හැරීමේ පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. වර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
මෙම දෙදෙනාම කලින් පෙම්වතුන්ය. දෙදෙනාම දැන් වෙනත් අය සමඟ විවාහ වී දරුවෝ ද සිටිති. දෙදෙනාම එකිනෙක පවුල්වල ඥාතීහු ද වෙති. පසුගිය දිනක මෙම දෙදෙරු පියා ගමේ ණය දෙන සමිතියකින් ණය මුදලක් ලබා ගත්තේය. මුදල ද විශාල මුදලකි. කාලය ගත විය. ණය වාරික හෝ එහි පොලිය ද ගෙවන පාටක් නැත. මාස කීපයක් ගත විය. දිනක් සමිතියේ මුදල් අයකැමිවරිය ලබාගත් ණය මුදල සම්බන්ධයෙන් ඔහුට මතක් කළේය. ඒ අවස්ථාවේ ණය කරු මෙම කාන්තාව සමග පෙර පැවැති ප්‍රේම සම්බන්ධය හෙළි කළේය. මුදල් අයකැමිවරිය එයින් නිරුත්තර විය. ණය ගත් පුද්ගලයා ද තම සැමියාගේ ළඟම ඥාතිවරයෙකි. තම සැමියා ඉදිරිපිට වූ මෙම සිද්ධියෙන් මෙම කාන්තාව නිරුත්තර විය. එකිනෙකා මුහුණට මුහුණ බලා ගත්තේය. සැමියා ද කලබලයට පත්විය. ඒ කතාවේ තේරුම කුමක්දැයි යනුවෙන් ඔහු මුදල් අයකැමිවරිය වූ තම බිරියගෙන් විමසීය. මෙම සිද්ධියත් සමග සැමියා සහ බිරිය අතර ද අඩදබර ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd