IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කළුවරේ ළිඳට ගිය සැමියා බිරිඳට උදවුවට වෙන කතකගේ රෙදි බේසම පිරිසුදු කරලා

තම නාන ළිඳ ළඟ තිබූ බිරිඳගේ කිලිටි රෙදි බේසම වෙනුවට කළුවරේම අසල්වැසි කතකගේ රෙදි බේසමක් සේදූ සැමියකු පිළිබඳ  පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පෙදෙසකින් වාර්තා විය.


 සිද්ධිය මෙසේය.


 ඔහු රැකියාවක  නියුතු තරුණ සැමියෙකි. මෙදින ඔහු වැඩ ඇරී නිවසට එනවිට තම බිරිඳ රෝගාතුරව නිදාගෙන සිටියේලු. තමාට කොන්දේ අමාරුවක් හටගත් බව ඇය අමාරුවෙන් සැමියාට කීවාය. එයටද ප්‍රතිකාරයක් කළ සැමියා බිරිඳට  විවේකීව සිටින ලෙස කියා රාත්‍රී ආහාරයද සකසා දියනාගැනීම සඳහා වත්ත පහළ  නාන ළිඳ ළඟට ගොස් ඇත.


ළිඳ අසල ඇති බිරිඳගේ කිලිටි රෙදි බේසමද නෙත ගැටුණ සැමියා කඩිමුඩියේ එම රෙදි බේසමද සෝදා නිවසට ආවේලු.


පසුදින උදෑසන බිරිඳට ද කෑම සැකසූ සැමියා රැකියාවට යාමට සැරසුණි. “බබා  යමුද බොහෙත් ටිකක්වත් ගන්න” සැමියා බිරිඳට කීවේය. “ඕන් නෑ බබා දැන් අඩුයි” බිරිඳ කීවාය. “එහෙනම් පරිස්සමින් ඉන්න බබා” කියා සැමියා බිරිඳගෙන් සමුගෙන රැකියාවට නික්ම ගියේය.


 මෙම ළිඳෙන්ම දියනෑමට පැමිණෙන අසල්වැසි කාන්තාව පෙර දින ළිඳ  ළඟ තබා ගිය රෙදි බේසම සේදීමට මෙදින උදෑසන ළිඳ ළඟට පැමිණියාය. තමාගේ  යට ඇඳුම් ද  සහිත රෙදි බේසම සෝදා තබා තිබෙනු දුටු කාන්තාව මහත් සතුටින් රෙදි බේසම ද රැගෙන නිවසට ගියාය.


 මෙදින සවස කාර්යාලයේ වැඩ නිමවා බිරිඳගේ රෝගී තත්ත්වය ගැනද සිතමින් සැමියා වහ වහා නිවස වෙත  එමින් සිටියේය. අසල්වැසි කාන්තාව කොට ඇඳුමක් ද හැඳ අඟර දඟර ගමනින් වැට අද්දරට පැමිණියාය. “අනේ අයියා... ඔයාට බොහොම ස්තුතියි... අපේ මහත්තයා කවදාවත් මගේ රෙද්දක් හෝදන් නෑ. ඔයා නම් රත්තරන් මහත්තයෙක්.” අල්ලපුගෙදර ඇය අමුතු ලෙන්ගතු කමකින් කීවාය. 


කිසිවක් ගණනකට නොගත් සැමියා වහා නිවසට පැමිණියේ බිරිඳගේ සුවදුක් බැලීමටය. ඇඳ  මත කෙඳිරිගාමින් සිටි බිරිඳ දුටු සැමියාද මහත් කලබලයට පත්විය.


“ඇයි බබා අමාරුද” ඇඳ මත වාඩි වෙමින් සැමියා බිරිඳගෙන් ඇසීය. “ඊයේ රෙදි බේසමයි අද එකයි දෙකම හේදුවා. මට  නැගිටගන්න බැරි තරමට කොන්ද කකියන්න ගත්තා” බිරිඳ මහත් වේදනාවෙන් කීවාය.


 තමා පෙර දින සෝදා ඇත්තේ අසල්වැසි කාන්තාවගේ රෙදි බේසමක් බව  වටහා ගත් සැමියා මහත් කලබලයට පත්විය. සියල්ල වසන් කරගත් සැමියා ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන බිරිඳ වෛද්‍යවරයෙක් වෙත රැගෙන ගියේලු. 

(නිකවැරටිය ප්‍රියානි මංගලිකා)



අදහස් (0)

කළුවරේ ළිඳට ගිය සැමියා බිරිඳට උදවුවට වෙන කතකගේ රෙදි බේසම පිරිසුදු කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site