පසුගිය නත්තල දා අගනුවර සිට තංගල්ල දක්වා පෞද්ගලික බස් රථයක් පැරැණි ගාලු පාර දිගේ ධාවනය වෙමින් තිබිණි. එහි විශාල පිරිසක් වූහ. බේරුවල නගරයේදී බසයට නැග ගත්තේ මැදිවියේ මවකි. ඇය කුඩා දරුවකු වඩාගෙන සිටි අතර අතෙහි වූයේ නත්තල සැමරීම සඳහා වූ බඩු මල්ලකි.
දිගු ගමනක් යාමට ඇති නිසාදෝ වාඩි වී සිටි කිසිවෙක් ඇයට ආසනයක් නොදී නිදි කිරන්නට වූහ. බසයේ පසුපස සිටි කොන්දොස්තරටද ඇය ඇස ගැටුණේ නැත.
මෙය දුටු ඉදිරිපස අසුනේ සිටි ස්වාමීන් වහන්සේ නමක් වහා නැගිට සිය ආසනය ඇයට දුන්නත් එහි වාඩිවීමට ඇය මැලි වූවාය. එහෙත් හිමි නමගේ නැගිටීම හා ප්‍රකාශය ඇසුණු කීප දෙනකුම එකවර නැගිට සිය ආසන ඇයට පිරි නැමීමට සුදානම් වූ අතර ඇය එක් ආසනයක වාඩි වූයේ නාහිමි නමට දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කරමිනි.
ඇය කතෝලික කාන්තාවක බවද පසුව අනාවරණය වුනාලු.
තිහගොඩ උපසේන ලියනගම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලජ්ජා නැති ගිහියන්ට හාමුදුරුවන්ගෙන් ‘පාඩමක්’