(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
මහනුවරට නුදුරු ප්‍රදේශයක එළවළු වගාවක් නවීන තාක්ෂණය යොදා ගෙනත් ආරක්ෂා කර ගැනීමට නොහැකී වීමේ අපූරු පුවතක් පසුගියදා වාර්තා විය.

අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටා ඇති මෙම ගම්මානයේ බොහෝ දෙනාගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ ඵළවළු වගාවයි.
මේ දිනවල වෙළඳපොළේ ඵළවළු සඳහා ඉහළ මිලක් වාර්තාවන බැවින් නිෂ්පාදනය කිරීමට මෙන්ම ඒවා සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට විශාල වෙහෙසක් ඔවුන්ට දරන්නට සිදු විය.
මෙම සිදුවීමට භාජනය වූ ගොවි මහතා ඵළවළු වගාවෙන් යමක් කමක් උපයා ගත් පුද්ගලයෙකි. පසුගිය දිනක මාධ්‍ය මගින් ඵළවළු සොරකම් කිරීම පිළිබඳ වාර්තා පළ වන්නට වූ අතර එම පුවත දැකීමෙන් තම ඵළවළු වගාව සම්බන්ධයෙන් ද බියක් දැනෙන්නට විය.
තම ඵළවළු වගාව සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට උපාය කිහිපයක්ම ඔහුට කල්පනා වූ අතර ඒ එක් උපාය මාර්ගයක් වත් ඔහුගේ අස්වැසිල්ලට හේතු නොවිණි. ඒ අතරතුර තම මිත්‍රයකුගේ උපදෙස් පරිදි අපූරු උපක්‍රමයක් යෝජනා කරන ලදී. ඒ තම නිවසේ ආරක්ෂාවට සවිකර තිබූ අවේක්ෂණ කැමරා (ක්‍ක්‍ඔඪ) පද්ධතිය ඵළවළු වගාවට සවි කිරීමේ යෝජනාවයි. මේ සඳහා කාර්මික නිලධාරියකුගේ සහාය ඇති ව ඵළවළු වගා බිමේ කැමරා පද්ධතිය සවි කෙරිණි.
එහෙත් එම උපක්‍රමය ඔහුගේ සිතට ඇල්ලුවේ නැත. එදින රාත්‍රියේ නිවසේ සිට ඵළවළු වගාව රූපවාහිනී තිරයෙන් නරඹමින් සිටින අතර මධ්‍යම රාත්‍රිය ද පසුවිය. මේ දිනවල පවතින කාලගුණයත් නිසා පාන්දර යාමේ එළඹීමත් සමග ඔහුට පුටුවේම නින්ද ගොස් තිබිණි.
පසුව උදෑසන කාලයේ ඇහැ ඇරී බලන කළ රූපවාහිනී තීරයේ කිසිවක් දර්ශනය නොවනු බව දැක ඔහු වහා වහා ඵළවළු වගාව දෙසට කඩිනමින් ගොස් බැලීය. ඒ වන විට සියලු දේ වී හමාරවී තිබුණු අතර සිදුව ඇති දෙයින් ඔහුට දෙවියන් සිහිවිණි.
ඒ තමන් විසින් මාස ගණනක් වෙහෙසවී රැක ගත් ඵළවළු වගාවත්, නිවසේ ආරක්ෂාවට සවිකර තිබූ අවේක්ෂණ කැමරා පද්ධතියත් සොරුන් විසින් ගලවා ගොස් තිබීම නිසාය.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එළවළු හොරු එළවළු ගොවියාගේ කනෙන් රිංගා ගිහින්