ගමේ කට්ටඬිරාළ තමාගේ ගව පට්ටියට හූනියමක් කොට එළ ගවයන් තිදෙනකු මරණයට පත් කළ බවට ගව හිමියකු ගල්ගමුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
පැමිණිල්ල සටහන් කර ගැනීමට පැවරී  තිබුණේ කොස්තාපල් අජිත් (48368) මහතාටය. නම, ගම ආදිය සටහන් කර ගත් කොස්තාපල්වරයා හැට විය ඉක්ම වූ මේ පැමිණිලිකරුගෙන් පැමිණිල්ලට කාරණා විමසීය.

“මේකයි රාලහාමි කාරණාව. මගේ හරක් පට්ටියට අපේ ගමේ අහවල් කට්ටඩියා හූනියමක් කරලා තියෙනවා. දවස් හතරක් ගියේ නෑ හරක් මැරෙන්නට පටන් ගත්තා. දැන් එළවැස්සියෝ තුන් දෙනෙක් මැරිලා. පැමිණිලිකරු නොනවත්වා විස්තර කරන්නට විය.
“ඈ.... ලොකු උන්නැහැ. ඕවා බොරු විශ්වාස නේද? ඔය හරක් මැරෙන්න ඇත්තේ ලෙඩ හැදිලා වෙන්න ඇති. මේ දවස්වල හරකුන්ට කුර රෝග වාගේ ලෙඩ බෝවෙලා තියෙනවා නේද? අජිත් කරුණු පහදා දෙන්නට පටන් ගත්තේය.
හ්ම්.... රාලහාමි දන්න කෙහෙල්මල. එහෙම රෝගවලට මැරෙනවා නම් මීට කලිනුත් මෙහෙම නාම්බ වැස්සියෝ මැරෙන්ඩ එපායැ. ඔය මිනිහා හූනියම් කළාට  පස්සේ තමයි හරක් මැරෙන්ඩ පටන් ගත්තේ” පැමිණිලිකරු තදින්ම කියා සිටියේය.
“හරි... මාමා කොහොමද කියන්නේ ඒ මිනිහාම හූනියම් කළා කියලා.”යි කොස්තාපල්වරයා ඇසූ විට “මගේ මේ දෑහින්ම දැක්කා මහත්තයෝ එක දවසක් උදේ ඔය මිනිහා දෙහි ගෙඩි වගයක් කපලා මගේ හරක් පට්ටියට විසි කරලා යන්ඩ ගියා. අම්මපා මහත්තයෝ මේ ඇත්ත.”.
“අනේ මන්දා අපට නම් ඕවා විශ්වාස නෑ. එහෙම හූනියම් කරන්න පුළුවන්නම් මිනිසුන් මරන්න පුළුවන්නේ” අජිත් රාලහාමි කීය.
‘ආන්.... ඒකනේ මං කියන්නේ. ඊළඟට ඔය මිනිහා මාවත් මරයි. ඒක හින්දා මහත්තයෝ ඔය කට්ටඩියා පොලිසියට ගෙන්වලා මේ වාගේ අපරාධ කරන්ඩ එපා කියලා මිනිහට සැරෙන් අවවාද කරන්ඩ. මට නඩු යන්ඩ ඕන නෑ. පොලිසියට ගෙන්වලා තදේටම කතා කරලා ඔය වැඬේ නතර කරන්ඩ කියන්න” පැමිණිලිකරු කීය.
කරුණු කාරණා තේරුම් කර දීමට නොහැකි තැන ඊට පසු දිනක ඒ කට්ටඩිරාළත්, පැමිණිලිකරුත් පොලිසියට කැඳවීමට සිදුවිය.
තමුන් මේ මාමගේ හරක් පට්ටියට හූනියම් කරලා කියා කියනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ” කොස්තාපල්වරයා විත්තිකරුගෙන් විමසීය. තමන් එවැනි ක්‍රියාවක් කිසි දිනක කර නැති බව කට්ටඩිරාළ පවසද්දී “ඇයි නැත්තේ, තමුසේ එදා උදේ දෙහි කපලා මගේ පට්ටියට විසි කරනවා මං දැක්කානේ. ඇයි කෙබර ඇදබාන්නේ” යි පැමිණිලිකරු කෝපයෙන් කීය.
මඳ වේලාවක් කල්පනා කරමින් සිටි කට්ටඩිරාළ “රාලහාමි මේ කියන්නේ දවසක් මං සාත්තුවකට ගියා. දෙහි කැපිල්ලක් තිබුණේ. දෙහි කපලා ඉවර වෙලා ඒ දෙහි බෑ ටික තුන්මං හන්දියකට දාන්න ඕන නිසා මං ඒ දෙහි බෑ ටික මල්ලේ දාගෙන ඇවිත් මේ මනුස්සයාගේ හරක් ගාල ළඟින් විසිකරලා ගියා. එතැන තුන්මං හන්දියක්. ඒක තමයි ඔය කියන්නේ.
මේ හුටපටයට සවන් දී සිටි විවිධ පැමිණිලි අංශයේ සියලු නිලධාරීන්ට හා පැමිණ සිටි සිවිල් වැසියන්ට සිනාව නතර කර ගැනීමට සෑහෙන වේලාවක් ගත විය.
(ගල්ගමුව නිහාල් ජයවීර)
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කට්ටඬියාගේ හූනියමෙන් හරක් එලෝ ගිහින්