(වියලුව වාර්තාකරු)
දුන්හිඳ නැරඹීමට පැමිණි විදේශිකයකුට එහි පැමිණි තරුණ පිරිසක් විසින් කියා දුන් අපභ්‍රංශ සිංහල වචන කීපයක් නිසා දියඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයින් මහත් අමන්දානන්දයට පත්වූ බව කියවෙන පුවතකි මේ.
සිද්ධිය මෙසේය.

ඉකුත් සතිඅන්තයේ එළැඹි දීර්ඝ නිවාඩුව නිසා දුන්හිඳ දිය ඇල්ලට මහ සෙනගක් පැමිණෙන්නට විය. 
පැමිණි පිරිස අතර විදේශිකයෝද වූහ. 
දිය ඇල්ල නැරඹීමට පැමිණි විදේශිකයින් අතර සිටි එක් තරුණයකු දිය ඇල්ල නැරඹීමට යන ගමන් මග අතරතුරදී හමුවූ තරුණ කණ්ඩායමක් සමඟ කුළුපග වූවේ ඔවුන් සමවයසේවූවන් නිසාම වන්නට ඇත.
තරුණ පිරිස සමඟ අදහස් හුවමාරු කරගත් විදේශික තරුණයා ඔවුන් හා එක්ව ගීත ගායනා කරන්නටත් තරුණයින් පිරිස ගෙනා ආහාරපාන භුක්ති විදින්නටත් වූවේ පිරිස සමඟ හදවතින්ම ළං වෙමිනි.
මේ අතර විදේශික තරුණයාට වඩාත් කුළුපගවූ තරුණයින් කීප දෙනෙකු විදේශිකයාට අපභ්‍රංශ වචන කීපයක් කියාදී ඉදිරියට එන පිරිස්වලට ඒවා කියන්නට සැලැස්සුවේ ඒ තුළින් යම් ආශ්වාදයක් ලැබීමේ අරමුණෙනි.
එම වචන සම්බන්ධයෙන් කිසිදු තේරුමක් නොදත් විදේශීය තරුණයාද තමුන් ඉදිරියට එන තරුණ පිරිස්වලට පමණක් නොව මැදිවයසේ කාන්තාවන්ටද සිනහ මුසු මුහුණින් එම වචන පවසමින් ආමන්ත්‍රණය කරන්නට වූවේ තරුණ පිරිස පමණක් නොව එම වචනවලින් සංග්‍රහ ලැබූවන්ද සිනහ සයුරේ ගිල්වමිනි.
එම වචනවලින් තමුන්ට ලැබෙන ඉහළ ප්‍රතිචාර නිසාම තරුණ පිරිසේ මඟ පෙන්වීම මත එම වචන හොඳින් උච්චාරණය කරමින් යළි යළිත් පවසන්නට වූවේ සිනහ යන මෙම සිංහල වචනවල අර්ථය කුමක්දැයි පවා නොසිතමිනි.
කෙසේ වෙතත් විදේශීය තරුණයා එම සිංහල වචන උච්ඡාරණය කරන අයුරු අසා සිටි වැඩිහිටි පිරිස් පවා ඔහුට දොස් නැගීම පසෙක ලා සිනාසීම නිසා තරුණ පිරිස මෙන්ම විදේශික තරුණයාද ගුටි නොකා මහත් ආශ්වාදයක් ලැබූ බව දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසක් පැවැසූහ.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුන්හිඳ බලන්න ආ සුද්දාට කුණුහරුප උගන්වලා