මහා මාර්ගයේ ගමන් කරමින් තිබූ නවීන පන්නයේ මෝටර් රථය කහ ඉර අසල නතර කරනු ලැබුවේ එම අවස්ථාවේ කහ ඉර හරහා පාර මාරු වෙමින් සිටි මගීන්ට ඉඩදීම සඳහායි. මෝටර් රථය වැදගත් පෙනුමැති කඩවසම් තරුණයකු විසින් පදවමින් සිටි අතර, ඔහුගේ ගැබිනි බිරිය යයි සිතිය හැකි කාන්තාවක් ඉදිරිපස අසුනේ වූවාය.

මෝටර් රථය පිටුපසින් පැමිණි පාපැදියක් නතර කර ගැනීමට නොහැකිව මෝටර් රථයේ ගැටීමෙන් එහි පිටුපස ලාම්පු ආවරණය හානියට පත්විය. එයින් කෝපයට පත් මෝටර් රථය පදවාගෙන පැමිණි තැනැත්තා මෝටර් රථයෙන් එළියට පැමිණ “තමුසෙ මොකක්ද කරන රස්සාව. මේකෙ අලාභය රුපියල් 50,000ක් විතර වෙනවා. අලාභය ගෙවන්නෙ නැත්නම් එනව යන්න පොලිසියට. තමුසේ දන්නවද මම කවුද කියලා” කියමින් පාපැදිය පැදගෙන පැමිණි කොලු ගැටයාට තර්ජනය කරන්නට වූයේ අලාභය ගෙවන ලෙස බල කරමිනි.
“මම රස්සාවක් කරන්නෙ නැහැ. ලැබුණ දවසට කුලී වැඩක් කරල ජීවත් වෙනවා. පොලිසි ගියත් මහත්තයගෙ අලාභය කුලී වැඩක් ලැබුණ දවසට ටික ටික ලැබෙන හැටියට තමයි ගෙවන්න වෙන්නෙ. මහත්තයා වාහනේ ඉස්සරහ ඉන්න නෝනගෙ ඩැයිවර් බව මම දන්නවා” යයි කොලු ගැටයා බයාදු ලෙස පිළිතුරු දෙනු ලැබිණි.
මහත්තයා වාහනයේ ඩ්‍රැයිවර් යයි පැවසීම නිසා ලැජ්ජාවට පත් වාහනයේ පැමිණි තැනැත්තා “තමුසෙට හෙන ගහන්න ඕන” යයි අවලාද නගමින් අලාභයත් අයකර නොගෙනම වාහනයේ නැගී පිටව ගොස් තිබිණි.
(කඹුරුපිටිය ප්‍රීති ජයවර්ධන)
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සැමියා ‘බිරිඳගෙ ඩ්‍රැයිවර්’ වී මළ ජූලියයි