IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිසිය දැක තවත් පොලිස් නිලධාරියෙක් වැවට පැනලා

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
පොලිස් නිලධාරීන් එනු දැක යතුරු පැදිය ද පසෙක දමා වතුරට පැන්න පුද්ගලයකු හඹාගිය අවස්ථාවේ නිලධාරීන් මුහුණ දුන් අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පෙදෙසකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය:-


පොලිස් නිලධාරීන් කීප දෙනකු රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී දුර සිටි අයකු යතුරුපැදියද මග දමා අසල තිබූ වැවට පනින අයුරු නිලධාරීන්ගේ නෙත ගැටුණි.


වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, පොලීසිය මග හැරීමට ජලයට පැන්න පුද්ගලයා හඹාගියේ ඔහු අල්ලා ගන්නා අටියෙනි. එහෙත් ඒ ආසන්නයට යද්දී බඹර කූඩුවක් ඇවිස්සී ඇති බව ඔවුනට දැකගත හැකි විය. 


නිලධාරීන්ටද බඹරුන් එකා දෙන්නා අනින්නට විය. එහෙත් බඹරුන් වටකර ගැනීම හේතුවෙන් ජලයට පැන සිටින පුද්ගලයා ගලවා ගැනීම ඔවුන්ගේ ඉලක්කය විය.


වහා ක්‍රියාත්මක වූ ඔවුන් ජලයේ සිටින පුද්ගලයා කරා මහත් අපහසුවෙන් ළඟා වූ විට, ඔහුද පොලිස් නිලධාරියකු බව හඳුනාගෙන ඇත. ඉතා ඉක්මනින් වාහනයක් ගෙන්වා ගත් ඔවුන් බඹරුන් රැසක් ඇනීමෙන් අනතුරට ලක්ව සිටි නිලධාරියා වහා රෝහල් ගතකර ඇත.

 



අදහස් (1)

පොලිසිය දැක තවත් පොලිස් නිලධාරියෙක් වැවට පැනලා

Dilan Thursday, 16 January 2020 06:37 AM

මලක් හොයාගෙන ගිය ගමනක් වෙන්න ඇති...

:       25       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site