IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මායියගෙ සල්ලි උනන මැෂිම ගේ අස්සේ

සත් කෝරළයට අයත්වයඹ දොරටුව නමින් හැඳින්වෙන නගරයට අයත් උප ගම්මානයකින් ඇසෙන කතාවකි.


මැදි වයස ඉක්ම වූ සැමියා පෙදරේරුවෙකි. බිරිඳ සැමියාගේ වයසට සමාන කම් කීව ද කඩවසම් රූමතියකි. පෙදරේරු රැකියාවෙන් උපයා ගත් ධනයෙන් අංගසම්පූර්ණ පහසුකම් සහිතව නිම කළ නිවසේ වැඩි ආරක්ෂාවට සී.සී.ටී.වී. කැමරා ද සවි කළේය.සැමියාත්, බිරියත්, දරු දෙදෙනාත් ආදරයෙන් සතුටින් කල් ගත කළහ.


පෙදරේරු රැකියාව තම එකම ජීවිකාව කර ගත් ඔහු කාර්ය බහුල චරිතයකි. එහෙත් බිරිඳ සැමියා හා දරුවන් වැඩපලටත් පාසලටත් ගිය පසු හොර රහසේ අනියම් සැමියන් නිවසට ගෙන්වාගෙන ඔවුන් සමග විසීම පුරුද්දක් කරගෙන සිටියාය.


කලක පටන් බිරිඳ කෙරෙන් පෑ අමුතු ගති පැවතුම් ගැන විමසිලිමත් වූ පෙදරේරු සැමියා තම බිරිඳ ගැන පියවි ඇසට අමතරව නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා ඇසින් ද විපරම් කිරීමට අදිටන් කරගත්තේය.


ඇය නිවසට වී  කාලය ගත කළ අතර, අතමිටේ යහමින් මුදල් ගැවසීම ද ඔහුගේ සැකය තවත් වැඩි කිරීමට හේතු විය. මේ ගෑනි ළඟ සල්ලි මැෂිමක් තියෙනවදැයි සිතුවේය.


කාලය ගෙවී ගියේය. ඇයගේ නොහොබිනා හැසිරීම තම අතටම හසු කර ගත යුතු යැයි  දිනක් කල්පනා කළ ඔහු පටිගත වූ සී.සී.ටී.වී. දර්ශනවල පසු දර්ශන පරීක්ෂා කළේය. එහිදී බිරිඳගේ වෙනසට හේතුව සැක හැර දැන ගැනීමට ඔහුට හැකි විය. ලැබෙන නිදහස උපරිමයෙන් සොර සැමියත් සමග බුක්ති විඳින අයුරු ද ඔවුන් ඇයට මුදල් ලබා දෙන අයුරු ද පටිගත වී ඇති බව දැකීමෙන් උන්හිටි තැන් පවා අමතකව ගිය ද කෝපය යටපත් කර ඇය අමතා ඇයට එම දර්ශන නැරඹීමට ඉඩ සලසා දුන්නේය.


අවසානයේ ඇය ඇමතූ ඔහු “මගෙ ඇස් දෙක වහලා ගෙදරට වෙලා මෙච්චර කලක් කරල තියෙන දේ යස අගෙයි. මගෙ ඇස් වහලා පඩංගු නැටුවට කැමරාවට බොරු කරන්න බැරි වුණා නේද? ඔය තියෙන්නේ යස අගේට රඟපාපුවා. මින් මනත මේ වගේ දේවල් කරලා අහුවුණොත් මම යස පාඩමක් උගන්වනවා. ජීවිතේටම මතක හිටින්න යැයි අවවාද කළේය. 
(අලව්ව ජයන්ත කුමාර දිසානායක)

 



අදහස් (0)

මායියගෙ සල්ලි උනන මැෂිම ගේ අස්සේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site