සීනි හොරාට නිවැසියන්ගෙන් අපූරු පාඩමක්
රජරට පළාතේ ගමක ජීවත් වූ මැදිවිය ඉක්මවා සිටි සදානන්දට සීනි අමාරුව තදින්ම වැළඳී තිබුණි. දොස්තර මහතා ඔහුට උපදෙස් දී තිබුණේ පැණි රස නොකන ලෙසටය. එහෙත් සදානන්ද පැනි රස කෑමට දැක්වූයේ බලවත් ගිජුකමකි. බිරිඳ ඇතුළු දරුවන්ට සදානන්දගේ පුරුද්ද කරදරයක් වී තිබුණි. සෑම දිනකම රාත්රී කෑමෙන් පසු ගෙදර අයට හොරෙන් සීනි බෝතලයෙන් භාගයක්ම ඔහු හිස් කළේය.