IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොල්මනක් කුරුම්බා කන්න ඇවිත්

(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන) 
දකුණේ පිහිටි පිටිසර ගමක එදිනම මළ සිරුරක් වළ දැමූ සොහොනක රාත්‍රී 12.00ට පමණ සිදුවූ හොල්මන් සිද්ධියක් පිළිබඳව රසවත් පුවතක් දකුණේ කිරිල්ලියකට පණදෙන අරුතැති ගමකින් වාර්තා විය. 


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. මෙම ගම් ප්‍රදේශයේ පිං නියර නමින් ප්‍රදේශයක් තිබූ අතර එම ප්‍රදේශයේ තිබූ සොහොන් පිටිය ද පිහිටා තිබුණේ එම ස්ථානයේය. රූස්ස ගස් කොළන් ඒ අවට තිබූ අතර දැඩි පාළු ස්වභාවයක් ඉසිලීය. අවටින් ඇසුණේ රැහැයියන්ගේ හඬ පමණි. 


මේ ප්‍රදේශය ගමේ කා අතරත් ප්‍රසිද්ධව තිබුණේ එම ස්ථානයේ හොල්මන් අවතාර පවතින බවයි. එබැවින් රාත්‍රී 7.00න් පසු එම ස්ථානයෙන් කිසිවකු ගමන් කළේ නැත. යායුතුම ගමනක් නම් වාහනයක හෝ සිතට බයක් නැති එඩිතර පුද්ගලයෝ හත්අට දෙනෙක් එකතුවී ඒ හරහා ගමන් කළහ. 


එම ගමේ සිටි ආයුර්වේද වෛද්‍යවරයා ඒ කිසිවක් පිළිගත්තේ නැත. ඔහු හොල්මන් අවතාර ගැන විවිධ විවේචන හා තර්ක ඉදිරිපත් කළ අතර ගැමියන්ට පැවසුවේ තමා ඒ කිසිවකට බිය නැති බවයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන හොඳ දැනීමක් ද ඔහුට තිබුණි. 


ඔහුට දිනක් ගසකින් වැටුණු අමාරු රෝගියකුට බෙහෙත් කිරීමට යාමට සිදුවිය. එහි යා යුතුව තිබුණේ මෙම ස්ථානය හරහාය. ඔහු පස්වරු 5.00ට පමණ එම ස්ථානයෙන් ගමන් කරද්දී එදිනම භූමදානය කරන ලද සොහොනක් එම ස්ථානයේ දක්නට ලැබුණි. සොහොන් භූමිය ඉදිරිපස ගෙඩිගෙයක් අලංකාර ලෙස ඉදිකර තිබූ අතර තැඹිලි වලුවලින් අලංකාර ලෙස සරසා තිබුණි. 


වෛද්‍යවරයා රෝගියාට ප්‍රතිකාර කර අවසන් වන විට රාත්‍රී 11.00 ද පසුවී තිබුණි. මොහු ආපසු ගෙනත් ඇරලවීමට නිවැසියන් කීප දෙනකු සූදානම් වූයේ පිං නියර ගැන ද සිහිපත් කරමිනි. මම පිං නියරට බය නෑ යි කියමින් විදුලි පන්දම ද රැගෙන ආපසු යද්දී සිතට යම් කුකුසක් බියක් නොදැනුනාම නොවේ. ඔහු පිං නියර අසලට එන විට ධාරාණිපාත වැස්ස ද ඇදහැලුණු අතර සොහොන් පිටියේ ඈත කෙළවර දඩං බඩං හඬින් විශාල ශබ්දයක් ඇසිණි. ඔහුට හීන් දාඩිය දැම්මේය. වෙව්ලන්නට විය. තමා දන්නා මන්ත්‍ර හා ගාථා කියමින් බය තරමක් දුරු කරගෙන විදුලි පන්දම ඒ දෙසට එල්ල කළ ද මීදුම නිසා කිසිවක් නොපෙනුණි. 


හිතට ධෛර්යය ගත් ඔහු කළුගලක් ද අතට ගෙන කවුද? යනුවෙන් කීප වරක් ශබ්ද නගා කෑ ගැසුව ද කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත. එහෙත් ශබ්දය නතර විණි. පසුව ඔහු ශබ්ද නගා ‘ගල්වලින් ගහනවා. කවුරු හරි ඔතන ඉන්නවා නම් කතා කරපල්ලා’යි ශබ්ද නගා කීවේය. එවිට එක්වරම ගාන්න එපා මාතියා. යෙපි යෙපිට දවල්ට කන්නත් නෑ. යෙපි මේ ගෙඩි ගෙයින් කුරුම්බා ටිකක් කඩාගෙන කනවා. කියමින් බැගෑපත් ලෙස ඔහු ඉදිරියට ආවේ අසල වතුයායේ වැඩ කරන ද්‍රවිඩ කම්කරුවන් පිරිසකි. 

 



අදහස් (0)

හොල්මනක් කුරුම්බා කන්න ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site