(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
මහමගදී අනුන්ගේ ලොරියක් තමන්ගේ ලොරිය යැයි සිතා සේදීමට ගොස් පිරිසක් ඉදිරියේදී ලැජ්ජාවට පත් වූ මුදලාලි කෙනකු පිළිබඳව මතුගම ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
 සිද්ධිය මෙසේය.

 එම මුදලාලි පොල් ව්‍යාපාරිකයෙකි. ඔහු ඉතාම ලෝභ පුද්ගලයෙකි. විවිධ ප්‍රදේශවලට ගොස් පොල් එකතු කර විකිණීම ඔහුගේ එක් ව්‍යාපාරයක් විය. ඔහු මේ වෙනුවෙන්ම අලුත් ලොරියක් මිලදී ගෙන තිබේ.
එහි රියදුරුකම ඔහු විසින්ම කළේ පිටස්තර පුද්ගලයකුට ලොරිය ලබා දුනහොත් එය පරෙස්සම් නොවන බව කියමිනි. ඔහු එම ලොරියට මහත් ආදරයක් ද දක්වයි.
 උදේ පාන්දර ලොරියට සුවඳ දුම් ඇල්ලීම, දෙහි එල්ලීම, වාහනය ගමනක් ගොස් පැමිණි පසු සේදීම ඔහු අතින් නොවරදවාම සිදුවෙයි.
ඔහු සිද්ධිය වූ දින මතුගම නගරයට පැමිණ ඇත්තේ පොල් වෙළඳාමටය. පොල් කඩ කිහිපයකටම ගොස් ආපසු එද්දී රියදුරු අසුනට අනෙක් පස දොරෙහි ඇති බුලත් කෙළ පාර දැක මුදලාලිට යකා ආරූඨ වී ඇත. බුලත් විට කන තම ගෝලයාට බැණ වදිමින් මුදලාලි ලොරියෙන් වතුර බෝතලයක් ගෙන දොර සේදීමට පටන්ගෙන ඇත. ඒ  මොහොතේම ලොරිය වෙත දිව ආ පුද්ගලයකු “මොකද මගේ ලොරිය සෝදන්නේ” යැයි අසා ඇත. එවිට ලොරියේ අංකය දෙස බැලූ මුදලාලි එය තමන්ගේ ලොරිය නොවන බව දැන වහා එතැනින් මාරු වූයේ වටපිට සිටින පුද්ගලයන්ට මුහුණු වසන් කරමිනි.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තමුන්ගේයැයි සිතා අනුන්ගේ ලොරියක් සෝදලා