(බුලත්සිංහල විශේෂ - ලක්මි කුඩලිගම)
අගනුවර කාර්යාලයක සේවය කරන සේවක මහතකු තම සේවා කටයුත්තක් ඉටුකර ගැනීමට ජනතා සේවය පිණිස ඇති ආයතනයක ප්‍රධාන කාර්යාලයට ගිය පසු එම කටයුත්ත ඉටුකර ගැනීම ප්‍රමාදවීම නිසා “මෙතෙන්ටත් අරයට එන්න කියන්න වෙයි වගේ” යැයි පැවසීමෙන් පසු එම කටයුත්ත සැනෙකින් ඉටුකර ගැනීමට හැකි වූ බව කියන පුවතක් අගනුවරින් වාර්තා විය.

මේ සේවක මහතා උදෑසනම සේවයට පැමිණ තම කාර්යාලයීය ලිපි ගොණුද රැගෙන මහ ජනයාට සේවය පිණිස ඇති ප්‍රධාන පෙළේ ආයතනයකට යන්නේ එදිනට තමන්ට නියමිත රාජකාරිය වූ මුදල් ගෙවීම් ආදී කටයුතු කර ගැනීම සඳහාය.
නියමිත රාජකාරී වේලාව පැමිණ ඇති බැවින් අදාළ ආයතනයට ගිය සේවක මහතා ඉදිරියෙන්ම සිටි නිලධාරිනියට උදෑසන සුබපතා තම කාරණය කීවේය. තරමක් කේන්ති ගිය බැල්මක් හෙලූ එම නිලධාරිනිය ඉස්සරහින් වාඩිවෙලා ඉන්න තාම ඒ මිස් ඇවිල්ලා නැහැ යැයි කීවාය. එම සේවක මහතා ඉදිරියේ ඇති අසුනකට බරවී පැය භාගයක් පමණ කල් මැරුවත් අදාළ මේසයට කිසි කෙනෙකු පැමිණියේ නැත.
තවත් සුළු වේලාවක් රැඳී සිටි මේ සේවක මහතා නැවතත් කලින් කතාකළ නිලධාරිනිය වෙත ගොස් තම කාරණය කී විට අන්න අර මහත්තයාට කියන්න යැයි ටයි පටියක් පැළඳ සිටි මහත්මයෙකු පෙන්වූවාය.
යන්තන් වැඬේ කරගන්න පුළුවන් වෙයි කියා සිතූ සේවක මහතා වහා එතැනට ගොස් තම කාරණය ඔහුට කීවේය. ආ.. ඒ, මිස් තව පොඞ්ඩෙන් එයි. අද ෂොර්ට් ලිව් වෙන්න ඇති. කී විට අප සේවක මහතාට හොඳටම කේන්ති ගියේය. නැවතත් තමා සිටි අසුන වෙත පැමිණ හරියන්නෑ වැඬේ මෙතෙන්ටත් අරයට එන්න කියන්න වෙයි වගේ යැයි මහ හඬින් කීය. ගතවූයේ කෙටි වෙලාවකි. ටයිපටියක් පැළඳ සිටි නිලධාරි මහතා සේවක මහතා අසලටම පැමිණ මහත්තයා ගොඩක් වෙලා නේද ඇවිල්ලා එන්න ඔයාගේ වැඬේ කරල දෙන්න යැයි කියා සේවක මහතාගේ අතින් අල්ලා කැඳවාගෙන ගොස් සුළු වෙලාවක් තුළ අදාළ කටයුත්ත කර දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි !
අරයට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බහිරවයන් පගාගහන එක නවත්තන්න මොනවා හරි කරන්න වෙයි වගේ... ඩොලර් සීයක් විතර පාස්පෝට් එක ඇතුලේ දාලා දුන්නම ඕනෑම ත්‍රස්තවාදියෙක්ට, කුඩුකාරයෙක්ට රටට එන්න වගේම රටින් පිටවෙන්න පුළුවන්. කලින් CCTV පද්ධතියක් ස්ථාපනය කරන්න හැදුවාම ඔක්කොම එකතුවෙලා ඒකට විරුද්ධ වුණා, පගා ගහන්න බැරිවෙන නිසා....
රත්නවීර මහත්මයාගේ කතාව සම්පූර්ණ ඇත්ත.., ආගමන විගමන එක නම් ගන්න දෙයක් නැත. ඔක්කොම වැඩ කෙරෙන්නේ පගාවට, විදේශිකයින්ට වීසාදෙන්න ගියාම පැය 4-5 රස්තියාදු කරනවා. ඒජන්තලා හරහා එවන වීසා 10000 -15000 අරන් පැය භාගෙන් ගහලා දෙනවා.. විදේශිකයා නැති වුණත්, ජනාධිපතිතුමනි, වෙස්වලාගත් නියෝජිතයෙක් යවලා එ්කේ තත්වය පරික්ෂා කරලා බලලා, රියදුරු බලපත්‍රයට දුන්නු බෙහෙතම එ්කටත් දෙන්න. මමත් ඔබතුමාට ඡන්දෙ දුන්නේ නැහැ. නමුත් මට දැන් තේරෙනවා මේ දෙපාර්තමේන්තු හදන්න පුළුවන් ඔබතුමාට පමණි. මේ රජයේ දෙපාර්තමේන්තු ටිකේ තිබෙන අල්ලස්, දූෂණ නැතිකරන එකට රටේ සාමාන්‍ය ජනතාවගෙන් 95% කැමතියි.
හලාවත අධ්‍යාපන අධ්‍යක්ෂකවරියන්ට නම් මස්, මාළු එළවලු ටිකක් දුන්නා නම් වැඩේ ටක්කෙට කරලා දෙනවා. පව් නෑ.. මොකද දානයක්නේ..