IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බිරිඳට කොහුමිටි පාර දෙන්න ආ සැමියගෙ සරම කඩා දාලා

කොසු මිටකින් පහරදීමට තැත් කළ සැමියාගෙන් බේරීමට බිරිඳක් විසින් අනුගමනය කළ එක්තරා සුළු උපක්‍රමයක් නිසා එම සැමියා  නොසිතූවිරූ  අකරතැබ්බයකට මුහුණ පෑ සිද්ධියක් අම්පාරේ ඈත එපිට උප නගරයකින් වාර්තා වේ. 


නිවසේ ගත කරන සෑම අවස්ථාවකදීම මෙම සැමියා සරමක් ඇඳගෙන සිටීම පුරුද්දක් කරගෙන සිටියේය. ඔවුන් දෙදෙනා අතර  නිතර නිතර ඇති වන ආරවුල් ගැන අවට නිවෙස්වල කාන්තාවෝ ද දැන සිටියහ. එසේ රණ්ඩු සරුවල් වෙමින් කෑකෝ ගසන සෑමවිටම අවට නිවෙස්වල කාන්තාවෝ නිවෙස්වලින් එළියට බැස දෙවැට අද්දරට එක් රැස්වී එම නිවස දෙස බලාගෙන කන් යොමු කරති. 


ඉකුත්දා දිවා කාලයේ එම නිවසේ ඇතිවූ අඹු සැමි ගැටුමකදී බිරිඳ යටිගිරියෙන් කෑගසා “අනේ ගහන්න එපා, මේන්න වැන්දා.....” “බුදු අම්මෝ මෙන්න මිනී මරනවා..” යැයි කෑමොර ගැසුවාය. සිරිත් පරිදි මෙම ළතෝනිය ඇසුණ අවට නිවෙස්වල කාන්තාවෝ දෙවැට අද්දරට පැමිණ දැන් මොකද වෙන්නේ කියා කුතුහලයෙන් බලා සිටියහ. 


එකෙනෙහිම යටිගිරියෙන් කෑ ගැසූ කාන්තාව නිවසේ ඉදිරිපස දොරෙන් එළියට පැන එම කාන්තාවන් සිටි තැනට දුවගෙන විත්  නතර වූවාය. 


“මොකද අනේ වුණේ?  ඔයාට අදත් කරදර කළා” දැයි ඔවුහු ප්‍රශ්න කළහ.


“ඔව් අනේ මට එයා කොසුමිටකින් ගහන්න හැදුවා. මම සාලේ ඇදගෙන වැටුණා. කරන්නම දෙයක් නැති නිසා මම එයා ඇඳගෙන හිටපු සරම බිමට ඇදල දාලා එළියට පැන ගත්තා” යයි පැවසුවාය. 


මෙය ඇසූ කාන්තාවෝ “නියම දඬුවම හොඳ වැඬේ” යයි කියමින් උස් හඬින් සිනාසුණහ. 


මේ අතර ගෙතුළ සිටි සැමියා බිම වැටුණ සරම නැවත ඇඳගෙන පැන දිවූ බිරිඳ ගැන සොයා බැලීමට ඉදිරි පස දොරෙන් එළියට එද්දී කාන්තාවෝ ඔහු දැක නැවත නැවත සිණාසුනහ. 


එවිට ඔවුන් සිනාසෙන කරුණ ගැන අවබෝධ වූ සැමියා කිසිවක් සිදු නොවූ අයුරු අඟවමින් ආපසු ගෙතුළටම ගියහ.
(හිඟුරානේ නවරත්න සමරතුංග)  

 



අදහස් (0)

බිරිඳට කොහුමිටි පාර දෙන්න ආ සැමියගෙ සරම කඩා දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site