බුද්ධි අංශත් ද්විත්ව පුරවැසි මැති ඇමැති පසුපස ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කරුණු සෙවීමට රජයේ බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය. 29 October 2022
රන්ජන් ඇමෙරිකා යයි සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා අද (29) අලුයම පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය . 29 October 2022
පළාත් කිහිපයකට වැසි උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අද (29) විටින් විට වැසි ඇතිවන අතර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 October 2022
ලංකාවෙි සියලු වනෝද්‍යාන ගැන ජනපතිගෙන් තද රෙගුලාසි යාල, විල්පත්තු, හෝර්ටන්තැන්න ආදී ජාතික වනෝද්‍යයාන වෙත ලියාපදිංචි සෆාරි වාහන හැරුණු කොට වෙනත් කිසිදු වාහනයකට ඇතුළු වීම තහනම් කිරීම ආදී පරිසර ආරක්ෂණ නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත නියම කරනු ලැබීය. 28 October 2022
එජාපයත් සැලුන් දොරක් දමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත ඔවුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගන්නා නව වැඩපිළිවෙලක් සකස් කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. 28 October 2022
මුදල් ඇමති-කාර්ය මණ්ඩලය උඩින් යන්න කෝටියක් වියදම් කරලා උත්සව හා රැස්විම් වලට යාමට මුදල් අමාත්‍යවරයා හා එම කාර්ය මණ්ඩලයට ගුවන් ගාස්තු ලෙස 2019 වසරේදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් එනම් 91,01,453ක් වැය කර ඇතැයි මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් 2018 - 20 සඳහා සිදුකළ ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවකින් අනාවරණය වේ. 28 October 2022
පොලිසියේ වැරදුන වෙඩිල්ල පාසල් සිසුවාගේ හිසට තිහගොඩ නායිම්බල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සිදු කල වෙඩි ප්‍රහාරයකින් 14 හැවිරිදි පාසල් සිසුවකු අද (28) සවස බරපතල තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 28 October 2022
පෝර බෙදන විදිය ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක් වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 10,000 කට ලබා දීමට රජය තීරණය කර තිබෙි. 28 October 2022
එල්.ටී.ටී.ඊ සැකකරුවකුටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (28) පැවැති අතර, එහිදී හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය බන්ධනාගාරගතව සිටින සැකකරුවකු විසින් හිමිකරගැනීම විශේෂත්වයක් විය. 28 October 2022
ප්‍රභූවරයක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ප්‍රභූවරයකු විශේෂ ආරක්ෂාවක් යටතේ හෙලිකොප්ටරයකින් රැගෙනවිත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අද (28) පෙරවරුවේ ඇතුළත් කරනු ලැබ ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව වාර්තා වේ. 28 October 2022
බදුල්ල - කොළඹ පෞද්ගලික බස් වර්ජනයක බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේදී පෞද්ගලික බස් රථ රියදුරකුට සහ කොන්දොස්තරවරයකුට පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් බදුල්ල - කොළඹ පෞද්ගලික බස් රථ අද (28) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක බව කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළේ ප්‍රකාශකයෙක් අද රාත්‍රී පැවසීය. 28 October 2022
නිවාඩු නොදා සේවයට නොඑන සෙබළුන්ට ඉවත් වන්න පොදු සමා කාලයක් නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සමාජිකයන් හට හමුදා සේවයෙන්නීත්යානුකුලව ඉවත් වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මාස 1 1/2 ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. 28 October 2022
හොඳම සිංහල නව කතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ’’නකුලමුනි’’ ට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාවට හිමි සම්මානය මෙවර එරික් ඉලයප්ආරච්චි මහතා විසින් රචිත ‘නකුලමුනි’ නව කතාවට හිමිවිය. 28 October 2022
බස් ගාස්තු අඩුකිරීමට ඇති ‘කොවිඩ්’ බාධයක ඉවතට ඩීසල් මිල පහළ ගිය ද බස් ගාස්තු අඩු කිරීමට බාධාවක් වී ඇති ‘කොවිඩ්’ නිර්දේශ චක්‍රලේඛය ඉවත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කැමැත්ත පළකර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 28 October 2022
තිළිණිට දුන් රත්රන් විකිණූ සමාගම් අධ්‍යක්ෂක රිමාන්ඩ් ‘තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිණීය වන තිළිණී ප්‍රියමාලි නැමැත්තියට ලබාදුන් රත්රන් කිලෝවක් විකිණීමට සෘජුව දායකත්වය දැක්වූ බව කියන එම සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව වැඩබල මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද (28) නියෝග කළේය. 28 October 2022
පාසල් දරුවන් මතින් රකින්න ’’සුපරික්ෂාකාරී කමිටු” පිහිටුවයි බස්නාහිර පළාතේ පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය පැතිරයාම වැලැක්වීම සඳහා මාපියන්, ගුරුවරුන්, කලාප නිලධාරින් හා පොලිසිය එක්ව “සුපරික්ෂාකාරී කමිටු” කඩිනමින් පිහිටුවීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පොලීසියට අද (28) උපදෙස් දුන්නේය. 28 October 2022
සිඩ්නි පිටියේදී වෙනස් සැලසුමක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (29 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී වෙනස් ආකාරයේ සැලසුමක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වෙයි. 28 October 2022
සති අන්තයේ පැයක් අඳුරේ එළඹෙන සති අන්තයේ (29 සහ 30) විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පස්වරුවේ පැවසීය. 28 October 2022
අරක්කු කාලක් ඉනේ ගහන් උසාවි ඇවිත් මාට්ටු රජයේ අරක්කු කාලක් (මිලිලීටර් 180 අඩංගු) බෝතලයක් ඉනේ සගවාගෙන පානදුර අධිකරණ භූමියට ඇතුළුවීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු අද (28) අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 28 October 2022
පාන්වලටත් මිල සූත්‍රයක් ඉල්ලයි පාන්වල මිල තීරණය කිරීමට මිල සූත්‍රය හදුන්වා දෙන ලෙස කිරුම් මිනුම් පරීක්ෂකවරුන්ගේ වෘත්තිය සමිතිය රජයෙන් ඉල්ලා තිබේ. 28 October 2022
මහපොළ වෙළෙඳ ප්‍රදර්ශන යළි ඇරඹෙයි අතරමග නැවතුණු මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන මේ වසර අවසන් වීමට පෙර යළි ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 28 October 2022
තැපෑලෙන් විදුලි-ජල බිල්පත් ගෙවීමේ ගාස්තුව ඉහළට තැපැල් කාර්යාලවලින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී අය කරන සේවා ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දමා තිබේ. 28 October 2022
ප්‍රදේශ රැසක ලිට්රෝ ගෑස් හිඟයක් ප්‍රදේශ රැසක ලිට්රෝ ගෑස් හිඟයක් ඇතිව තිබෙන බව ජනතාව පවසති. 28 October 2022
උඩරට මාර්ගයේ දුම්රිය අවිනිශ්චිතයි බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් අද (28) පස්වරුවේ පීලි පැනීමකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අවිනිශ්චිත විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 28 October 2022
ජනපති කාර්යාලයෙන් ප්රතිලාභ ගන්න ලියාපදිංචි ගාන ප්‍රකාශයට කිසිවෙක් අත්හැරෙන්න දෙන්න එපා” තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම අද (28) දිනයෙන් අවසන් බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. 28 October 2022
ශ්‍රී ලංකාව පස්වැනි තැනට ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතරත්, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතරත් අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරග දෙකම, එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලද බැවින් කණ්ඩායම් 4 ටම ප්‍රසාද ලකුණක් බැගින් ප්රදානය කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානය දක්වා ඇද වැටිණ. 28 October 2022
රැඳවියන්ගේ ගැටළු හොයන්න අධිකරණ ඇමති වැලිකඩට බන්ධනාගාර රැඳවියන් මුහුණදෙන ප්‍රයෝගික හා නීතිමය ගැටළු පිළිබඳව අවධානය යොමු කළ බවත්, විශේෂයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිරදඬුවම් විඳින රැඳවියන් පිළිබඳව සොයා බලා සුදුසු පියවර ගැනීමට පත් කරන ලද සමොල්චන කමිටු වලින් අපේක්ෂිත ප්‍රථිපල ලැබී නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේයදාස රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසු ප්‍රකාශ කළේය. 28 October 2022
විනය විරෝධී වැඩ කරන භික්ෂූන්ට වැඩ වරදී ශාසන විරෝධී සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී තීරණය විය. 28 October 2022
එංගලන්ත - ඕස්ට්‍රේලියා තරගයත් වැස්සට සේදෙයි මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළෙමින් පැවැති වර්ෂාව හේතුවෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයත් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය. 28 October 2022
21න් පසු කොමිෂන් සභා ස්වාධීන විය යුතුයි 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයන් පත්කිරීමේදී සමාජයේ පිළිගැනීමට හේතුවන අපක්ෂපාතී හා කීර්තිමත් පුද්ගලයන් පත්කරගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂයන් මෙන්ම සිවිල් සමාජය ද සිය බලවත් අවධානය යොමු කලයුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි. 28 October 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026