මුහුදුබඩ මාර්ගයේ පාලමක් අබලන්වීමෙන් දුම්රිය ගමනට බාධා මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත. 17 November 2022
මේ ආණ්ඩුව හාර ලක්ෂය ඇදුණු මුදලාලි වගේ මේ ආණ්ඩුව අද හැසිරෙන්නේ හාර ලක්ෂය ඇදුණු මුදලාලි වගේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 November 2022
විදෙස් පුරවැසි මන්ත්‍රීවරිය රටින් පිටුවහල් කරන්න විදෙස් පුරවැසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වහා රටින් පිටුවහල් කරන්නැයි සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය. 17 November 2022
පිලිමතලාව දුම්රිය මාර්ගය යථා තත්ත්වයට ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිලිමතලාව ආසන්නේ අද (17) අළුයම පීලි පැනීමට ලක්වු දුම්රිය යලි පීලි ගතකර අද දහවල් 12.30 ට නැවත එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය. 17 November 2022
’’ආණ්ඩුව විපක්ෂ මතයට ගරු කරන්නේ නෑ’’ අයවැය කෙසේ හෝ දිනන බව කියන ආණ්ඩුව, තමන්ට බහුතරය ඇති බව සිතන නිසා විපක්ෂයේ අදහස්වලට ගරු නොකරන තත්වයක් ඇතිවී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය. 17 November 2022
ගල්ඔය වැවිලි සමාගම දරුවන්ට කන්න දෙයි ගල්ඔය වැවිලි සමාගම කලාප 05 පාසල් 19 ක ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා දිවා ආහාර ලබාදීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කළ බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි සුරාත් පෙරේරා මහතා පැවසීය. 17 November 2022
එළවළු බීජ මිල අහස උසට යයි එළවළු සහ පලතුරු බීජ කිලෝවක මිල ඉහළ දැමීම් නිසා එළවළු වගාවෙන් ඉවත් වීමේ අවදානමක පවතින බව බීජ අලෙවි කරන්නෝ සහ ගොවි සංවිධාන චෝදනා කරති. 17 November 2022
අයවැයේ කැකිල්ලේ තීන්දුවක් ගැන හරිනි කියයි රටට වැරදුණු හේතුවට අයවැයෙන් වැරදිකරුවන් බවට පත්කර තිබෙන්නේ සහනාධාර මත යැපෙන අසරණ ජනතාව බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී කීවාය. 17 November 2022
මංගල කී අනාවැකියක් තලතා මතක් කරයි මුදල් කළමනාකරණය හරියට කළොත් රටක් ලෙස ඉදිරියට යාමට හැකි බවත් එහෙම නැති වුනොත් 2022 දී රට බංකොලොත් වන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කලින්ම පවසා තිබූ බව රත්නපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 17 November 2022
චීන ජනපති කැනඩා අගමැතිට ජී20දී දොස් කියයි ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ජී20 සමුළුව අවසන් සැසියේදී චීන ජනාධිපති ෂී ජින්පින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ හට ප්‍රසිද්ධියේ දොස් නගා තිබේ. 17 November 2022
ගෝඨා වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි මරණ දඬුවම් නියම වූ හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී දුමින් ද සිල්වා මහතාට ජනධිපති සමාවදීමට එරෙහිව පනවා ඇති නඩුවේ වගඋත්තරකරුවකු හැටියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියාය. 17 November 2022
ලංකාවට කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 November 2022
රත්තරන් මිලේ ඉහළ යෑමක් ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ මිලේ ඉහළ යෑමක් ඇති බව කොළඹ හෙට්ටිවීදියේ රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 17 November 2022
කොළඹ සාදයක් ගැන දයාසිරිගෙන් චෝදනාවක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය’’සංවර්ධන අභිමන්’’ යනුවෙන් ලොකු පාටියක් කොළඹදී ලබන 19 වැනිදා පැවැත්වීමට සූදානම් වන බව දැන ගන්නට ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහා සොයා බලා කටයුතු කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (17) ඉල්ලීමක් කළේය. 17 November 2022
පරිඝනක ඉංජිනේරු උපාධි ධාරිය හොරකමේ ගිහින් මාට්ටු ඇමරිකාවේ පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධියකට හිමිකම් කියන තරුණයකු සොරකම් සහ කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් නාරහෙන්පිට කිතුල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසදී අනාවරණය කරගැනීමට හැකි විය. 17 November 2022
උතුරු නැගෙනහිර ලොකු පළාතක බිම්බෝම්බ ගලවයි උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර 206 කට අධික භූමි ප්‍රමාණයක පුද්ගල නාශක බිමි බෝම්බ ඉවත් කොට සිවිල් ජනතාව වෙනුවෙන් නිදහස් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ ඒකකය පවසයි. 17 November 2022
පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්න පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 17 November 2022
ඩයනාගේ විදෙස් තහනම දික් කරයි ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම ලබන 15 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (17) නියෝග කළේය. 17 November 2022
සංශෝධන එන නිසා දේශීය ආදායම් බදු පනත ගැටළුවක් නැහැ දේශිය ආදායම් බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඇතුළත් කෙරෙන බව දැනුම්දී ඇති හෙයින් එම සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය. 17 November 2022
වසර අවසන් වන විට ඩොලර් බිලියන 3ක ආදායමක් මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන තුනක ,හතරක ආදායමක් විදේශ ප්‍රේෂණ වලින් ලැබෙනු ඇතැයි වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 17 November 2022
මන්ත්‍රී වත්කම් ප්‍රදර්ශනය ගැන කිරිඇල්ලගෙන් යෝජනාවක් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවට බලාගන්න පුළුවන් තැනක තම වත්කම් ප්‍රදර්ශනය කරමු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් කළේය. 17 November 2022
ඇමැති පැටවු ගැස්සවීමට වැය කරන මුදල් ඖෂධ ගේන්න වැය කරන්න ඇමැති පැටව් ගැස්සවීම වෙනුවෙන් වැය කරන මුදල් ජනතාවට ඖෂධ වර්ග සහන මිලට ලබාදීම වෙනුවෙන් වැය කරන්නැයි ඉල්ලීමක් කරන බව විපක්ෂනායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 November 2022
2023 වසරේ අලි සංගණනයක් 2023 වසරේ දී මෙරට අලි සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 17 November 2022
පෝලන්තයට ආවේ යුක්රේන මිසයිලයක් පෝලන්තයේ ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට එල්ල වුණේ යුක්රේන හමුදාවේ මිසයිලයක් බව, ‘නේටෝ’ සංවිධානය කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත. පසුගිය 12 වැනිදා එල්ල වුණු එම ප්‍රහාරයෙන් පෝලන්ත වැසියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රෙස්වෝඩෝව් ගම්මානය පිහිටා ඇත්තේ පෝලන්ත යුක්රේන දේශසීමාවේය. 17 November 2022
කුඩු අල්ලන්න ගිය පොලිසියට ගල්මුල් ප්‍රහාරයක් අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ දි, අන්ත්‍රාදායක මත්ද්‍රව්‍ය හෙවත් හෙරොයින් සොයා සිදු කළ වැටලීමකදී එම ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහරදීම හේතුවෙන් එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 17 November 2022
ධනුෂ්කට ඇප ලැබේ ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප අයැදුම් පත්‍රය සිඩ්නිහී උපරිමාධිකරණයේදී අද (17) කැඳවූ අවස්ථාවේදී ඇප අයැදුම් පත්‍රය සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා ඇප ලබා දුන් බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. 17 November 2022
වැඩිමිලට විකුණන්න ගිය ඩීසල් ලීටර් 13200ක් මාට්ටු ව්‍යාජ බලපත්‍රයක් සකසා පෞද්ගලික කර්මාන්ත ශාලාවකට රැගෙන යමින් තිබූ ඩීසල් ලීටර් 13200 ක් රැගත් බව්සරයක් සමග රියදුරු සහ සහයකයා අද අලුයම අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 17 November 2022
වාහන ලියාපදිංචි ගාස්තුත් ඉහළට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 17 November 2022
ත්රිවිලය ගේට්ටුවත් කඩාගෙන ගොස් දුම්රියේ හැපේ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද(17)අලුයම් කාලයේදී වසා තිබූ දුම්රිය ගේට්ටුවත් කඩාගෙන ගිය තීරෝදක් රථයක ගැටී තීරෝද රථ රියදුරු මියගොස් ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි. 17 November 2022
සෙල්ලම ලෙල්ලම වි වෙඩි වැදී දරුවා රෝහලේ කතරගම දෙටගමුවේ තරුණයකු විහිළුවට වායු රයිපලයක් එල්ල කිරීමෙිදී එය පත්තුවී පස් හැවිරිදි පිරිමි දරුවකුගේ හිසට වැදීම එම දරුවා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කළ බව කතරගම පොලිසිය කියයි. 17 November 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026