IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


චීන ජනපති කැනඩා අගමැතිට ජී20දී දොස් කියයි

ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ජී20 සමුළුව අවසන් සැසියේදී චීන ජනාධිපති ෂී ජින්පින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ හට ප්‍රසිද්ධියේ දොස් නගා  තිබේ.

"අපි සාකච්ඡා කළ හැම දෙයක්ම ගැනම තොරතුරු පත්තරවලට දීලා, ඒක සුදුසු නැහැ.සංවාදයක් පවත්වන විදිහ ඒක නෙමේ."පරිවර්තකයෙකු මාර්ගයෙන් ජනාධිපති ජින්පින් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ හට පවසා ඇත.

කැනඩා ජාතිකයන් සංවාදයක් නිදහස්, විවෘත හා අවංක විය යුතු බව විශ්වාස කරන බවත් ඒ ආකාරයට තමන් දිගටම කටයුතු කරන බවත් ජනාධිපති ජින්පින් හට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ටෘඩෝ ප්‍රකාශ කර තිබේ.කැනඩාව සහ චීනය එක්ව ඵලදායි අයුරින් දිගටම වැඩ කිරීමට සූදානම් වුවත් කැනඩාව සහ චීනය එකඟ  නොවන කරුණු තිබිය හැකි බව ටෘඩෝ පවසා ඇත.

 චීන ජනාධිපති ෂී ජින්පින් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉකුත් අඟහරුවාදා කැනේඩියානු මැතිවරණය සහ චීන මැදිහත්වීම් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදී යුක්රේන රුසියා යුද්ධය,උතුරු කොරියාව සහ දේශගුණික විපර්යාස පිළිබඳව සාකච්ඡා කොට තිබේ.සාකච්ඡාව විනාඩි 10 ක සීමා වී ඇත.

034



අදහස් (4)

චීන ජනපති කැනඩා අගමැතිට ජී20දී දොස් කියයි

චන්දන Thursday, 17 November 2022 03:04 PM

බලාගෙන ගියාම ලෝකෙම ලොක්ක චීනය බවට ඔප්පු කරනව වගේ..

:       13       12

podiaarachchiThursday, 17 November 2022 04:14 PM

බොරු ප්‍රජාතන්ත්‍රවාදයට වැඩිය සත්‍ය චීනාවාදය අගය කරමු

:       23       12

Nimal Thursday, 17 November 2022 06:27 PM

කැනඩා ජාතිකයන් සංවාදයක් නිදහස්, විවෘත හා අවංක විය යුතු බව විශ්වාස කරන බවත් ඒ ආකාරයට තමන් දිගටම කටයුතු කරන බවත් ජනාධිපති ජින්පින් හට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ටෘඩෝ ප්‍රකාශ කර තිබේ. චීනයට ලෝකය අවශ්‍ය වනුයේ වියාපාර කිරීමට පමණි චීන නායකයන් රටේ පුරවසියන්හට පමණක් නොව ඉතාම සුක්ෂමව සමස්ත ලෝකය ඉදිරියේ කටයුතු කරනු ලබනුයේ විනිවිදභාවයකින් තොරව වේ. බටහිර රටවල් සමග ව්‍යාපාර නොමැතිව චීනයට අනාගතයක් හෝ පැවැත්මක් නොමැත

:       1       1

Bamunuarachchi Thursday, 17 November 2022 07:06 PM

කැනඩාවටත් ඔය ගොයියා එපා වෙලා තිබෙන්නේ. මේ ගොයියාගේ වැඩ නිසා කැනඩාවත් බංකොලොත් වෙන්න කිට්ටුයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site