(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න)
සංවර්ධන ලොතරැයි මණ්ඩලය "සංවර්ධන අභිමන්" යනුවෙන් ලොකු පාටියක් කොළඹදී ලබන 19 වැනිදා පැවැත්වීමට සූදානම් වන බව දැන ගන්නට ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහා සොයා බලා කටයුතු කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (17) ඉල්ලීමක් කළේය.
මේ සාදයේ එක කෑම පිඟානක් රුපියල් 3700 ක් බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම ගොවිසෙත ලොතරැයිය වාර පනස් හතක් මුද්‍රණය නොකිරීමෙන් එම මණ්ඩලයට කෝටි 60ක පාඩුවක් සිදු වී ඇතැයිද ජයසේකර මහතා පැවසුවේය.
ජයසේකර මහතා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසර ඇතුව ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට උඹලා රට කැපුවා .දැන් 3700 කෑම පිඟාන ගැන කතා කරනවා .පාර්ලිමේන්තු ගිහින් බඩ පැලෙන්න කනවා
ජනතාව ඉදිරියේ වත් සැපක් සතුටක් ඇතුව ජීවත්වීමේ අපේක්ෂාව ඇතුව ටිකට් මිලට ගත්තත් ලොතරැයි ගන්න අයට තෑගි ලැබෙනවා ඉතාමත් අඩුයි. ලැබෙන මුදල් මණ්ඩලයේ එවුන්ට පාටිදාන්න ගන්නවා. විකුණන අයටත් ප්‍රමාණවත් මුදලක් නැහැ .මණ්ඩලයේ අය කරනවා කියන මෙම පාටිය ක්‍රියාත්මක කලොත් අපි ලොතරැයි ගැනීමෙන් /විකිණීමෙන් වැලකී සිටිමු