(ඩයනා උදයංගනී)

අයවැය කෙසේ හෝ දිනන බව කියන ආණ්ඩුව, තමන්ට බහුතරය ඇති බව සිතන නිසා විපක්‍ෂයේ අදහස්වලට ගරු නොකරන තත්වයක් ඇතිවී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.

ආණ්ඩුව අයවැයෙන් තම ගජ මිතුරු කල්ලිය සහ විදේශීය බහුජාතික සමාගම් සතුටු කරන්නට පියවර ගෙන ඇති බවත්, දුම්කොල සමාගම්වලින් අති විශාල බදු ලබාගත හැකි වුවත් එසේ නොකර බීඩියට රුපියල් දෙකක බද්දක් පැනවීමෙන්ම ඔවුන් සාමාන්‍ය දුප්පත් ජනතාව ගැන දරණ මතය පැහැදිලි වන බවත් ෂාන් විජයලාල් මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනය රටේ තිබෙන ආදායම් ද අහිමි කරගමිනිමින් රට තවත් පරිහානියකට ගෙන යන එකක් බව ද මන්ත්‍රීවරයා කීවේය.

ෂාන් විජයලාල් ද සිල්වා මහතා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.