(උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ දි, අන්ත්‍රාදායක මත්ද්‍රව්‍ය හෙවත් හෙරොයින් සොයා සිදු කළ වැටලීමකදී එම ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහරදීම හේතුවෙන් එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
එම සිද්ධියට සම්බන්ද සැකකාරියන් හය දෙනකු හා සැකකරුවන් සිව්දෙනකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
විජයපුර , කඩ පහ ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සම්බන්ධයෙන් වැටලීමක් සිදු කිරීමට ගිය පොලිස් නිලධාරීන් හා එම ප්‍රදේශයේ කාන්තාවන් අතර බහින් බස් වීමක් සිදුව ඇත .
එම බහින් බස් වීම දිගින් දිගටම සිදුවීම නිසා කෝපයට පත් කාන්තාවන් හා පිරිමින් කිහිප දෙනකු පැමිණි පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහර දීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලංකා පොලිසිය කරන ජඩ පාදඩ වැඩ නිසා ජනතාව ඉදිරියේ පීචං වෙලා ඉන්න නිසා පොලිසියට ඉස්සර තිබුන ගරුත්වය නැතිවෙලා