(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවට බලාගන්න පුළුවන් තැනක තම වත්කම් ප්‍රදර්ශනය කරමු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළි කිරීමට පාර්ලිමේන්තු වෙබ් අඩවිය ලබාදෙන ලෙසද කිරිඇල්ල මහතා කීය.
තමාගේ වත්කම් ප්‍රකාශය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් එකේ තිබෙන අතර එය ඕන කෙනෙක්ට බලන්න පුළුවන් බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
අයවැය තෙවැනි දින විවාදයට සහභාගී වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීවරුන් කාටවත් වත්කම් නෑ. සියල්ල තියෙන්නේ පවුලේ අයගේ නම් වලින්.
ඔය සංදර්ශන පෙන්වනවලා කොන්ඩේ බැදපු චීනුන්ට.මෙයා ගේ හිතේ ඕක ඇතුලේ ඉන්න ඔක්කොම උන්ගේ නමටම වත්කම් පවර ගෙන ඇති කියලා රට්ටු හිතනවා ඇති කියලා.මේ ඉන්නෙත් අංක එකේ තක්කඩ්යෙක් තමා.කොන්ඩේ ඩයි නොකලට.
බදුල්ලේ මංත්‍රී කෙනෙකුගේ වත්කමක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක නගරයක තියෙන අතර එහි හිමිකරු මංත්‍රිතුමා වුනත් අයිතිකරු ලෙසට ලියාපදිංචි කරල තියෙන නම තියෙන්නෙ වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක පුද්ගලයෙකුගේ නමින්ලු.ඒවා ගැන මොකද කියන්නෙ
කලින් හිටපු විදියයි දේසපාලනේට ආවාට පස්සේ ඉන්න ව්දියයි බැලුවම, මොනතරම් හොරකම් වන්චා,දූෂණ කරලා බඩවඩා ගත්තු අයද කියලා ඔනෑ කෙනෙක් දන්නවා .