(එම්.සුසිල් පියන්ත)
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද(17)අලුයම් කාලයේදී වසා තිබූ දුම්රිය ගේට්ටුවත් කඩාගෙන ගිය තීරෝදක් රථයක ගැටී තීරෝද රථ රියදුරු මියගොස් ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බළපිටිය කොළනිය පදිංචි නාමල් සිල්වා නමැති හතලිස් හැවිරිදි අයකු බවද පොලීසිය කියයි.
කොළොන්නාවේ සිට ගාල්ල දෙසට ධාවනයවූ තෙල් පවාහනය කරමින් තිබූ දුම්රියක අද අලුයම 12.30ට පමණ මේ තීරෝද රථය හැපී ඇති බවත් වසා තිබූ දුම්රිය ගේට්ටුවත් කඩාගෙන ගොස් තීරෝද රථය දුම්රියේ හැපී ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd