(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන තුනක ,හතරක ආදායමක් විදේශ ප්‍රේෂණ වලින් ලැබෙනු ඇතැයි වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ අනුව රටේ ජනතාවට නැවත නැගී සිටින්නට අවස්ථාව තිබෙනු ඇති බවටද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
පැවති තත්ත්වයන් යහපත් වෙමින් පවතින බව මහ බැංකු අධිපතිවරයාට පවසා තිබෙන අතර රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙන බව කී අමාත්‍යවරයා ඉදිරි මාස තුනක් හයක් ඇතුළත උද්ධමනය අඩු වී බැංකු පොලී අනුපාතය අඩු වේවි යැයි මහබැංකු අධිපතිවරයා පවසා තිබෙන බවද සඳහන් කළේය.
2023 අයවැය තෙවැනි දින විවාදයේ දී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැවිලි ආශ්‍රිත ආදායම් වැඩිකර ගැනීම සදහා ලංකාවේ නිපදවන වැවිලි භෝග ආනයනය වහාම නතර කලොත් ලැබෙන ආදායම් වැඩිකර ගන්න පුළුවන් වේවි. එවිට වගා කරන අය දිරිමත් වෙලා වගා කරාවි එයට ජාතික ප්‍රතිපත්ති සැකසීම කරන්න
කල්පන කියන දේවල් කලොත් අපිට වේලක් හැර වේලක්වත් කාලා ඉන්න ලැබෙන්නේ නැහැ