(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් කළමනාකරණය හරියට කළොත් රටක් ලෙස ඉදිරියට යාමට හැකි බවත් එහෙම නැති වුනොත් 2022 දී රට බංකොලොත් වන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කලින්ම පවසා තිබූ බව රත්නපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
මංගල සමරවීර මහතා මිල සූත්‍රය ක්‍රියාත්මක කරන විටත් බොහෝ අය එදා උසුළු විසුළුව කළ බව කී අතුකෝරල මහත්මිය මංගල සමරවීර මහතා තීන්දු තීරණ ගත්තේ බොහෝ ඈත බලා බව සඳහන් කළාය.
ගෝඨාභය ඇවිත් ගත් ක්‍රියාමාර්ග නිසා අද පවතින බංකොලොත් තත්වයට මුහුණ දෙන්නට සිදු වී තිබෙන බවද මන්ත්‍රීවරිය කීවාය.
සාමාන්‍ය ජීවිතය ගත කරන අයට අද නිදහස් අධ්‍යාපනයත් හීනයක් වී ඇතැයි ද ඉස්පිරිතාලයකට ගියොත් බෙහෙත් ටික ගන්න හැකියාවක් නැති අතර මේ තත්ත්වය යටතේ නිදහස් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය ගැන කතා කරන්න පුලුවන්දැයි ප්‍රශ්න කළාය.
අයවැය තෙවැනි දින විවාදයට සහභාගී වෙමින් අතුකෝරාල මහත්මිය මේ බව කීවාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මංගල කී අනාවැකියක් තලතා මතක් කරයි
de silva Thursday, 17 November 2022 03:19 PM
අපේ සර්ගෙ කෙරුවාව හොඳ නැද්ද?
fairoosThursday, 17 November 2022 04:52 PM
සර් කරපු හරිය මදැයි .ඉන්න හිටින්න රටක් ඒකයි පස්ස දොරෙන් පැනලා ගියේ