(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාසල් උපකරණ සම්බන්ධයෙන් සහනදායී පිළිවෙතක් අනුගමනය නොකළ හොත් අලුත් පාසල් වාරය ජනවාරියේ පටන් ගන්නා විට දරුවන් මෙන්ම මාපියන් ද දැඩි අසීරුතාවයකට පත් විය හැකි බව කී වීරසිංහ මහතා එක පවුලේ දෙතුන් දෙනෙක් පාසල් යන විට ගම්බද මාපියන් පාසල් උපකරණ අවශ්‍යතා ඉටු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
ලංකාවේ කර්මාන්ත දියුණු වෙන එක හොඳ බව කී වීරසුමන වීරසිංහ මහතා එලෙස දියුණු වෙන තුරු යම් වැඩපිළිවෙළක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම කල යුතු දෙයක්. දරුවන්ගෙ අධ්‍යාපනයටයි මේකෙන් පහර වදින්නේ. ඒ දුක තේරෙන්නේ ළමයි ඉන්න මිනිස්සුන්ට තමයි.