(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර)

ඇමරිකාවේ පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධියකට හිමිකම් කියන තරුණයකු සොරකම් සහ කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් නාරහෙන්පිට කිතුල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසදී අනාවරණය කරගැනීමට හැකි විය.

ඒ අවස්ථාවේදී හොරයින් මත්කුඩු ගෑම් 7 මිලිගෑම් 800 ක් පොලිසියේ භාරයට ගෙන ඇත.

කොල්ලකෑම් 25ක් සහ සොරකම් 6 සිදුකර රුපියල් කෝටියක පමණ දේපල කොල්ලකා ඇති සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී රුපියල් ලක්ෂ 30 ක පමණ වටිනාකමින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන හා රන්මාල කීපයක් පොලිසිය මඟින් සොයාගෙන ඇත .

මහ මග නවතා තිබෙන යතුරුපැදි සොරා ගෙන කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සැරිසරමින් මහමග තනිවම යන කාන්තාවන් ඉලක්ක කරගෙන ඔවුන් සතුව තිබෙන අත්බෑග් කොල්ලකෑම මෙම සැකකරු කාලයක සිට සිදු කර තිබූ බව පොලිස් විමර්ශනවලදී යන අනාවරණ වී ඇත.

සැකකරු එම අත් බෑග් වල තිබෙන මුදල් වලට අමතරව ජංගම දුරකථන සහ රන්භාණ්ඩ මෙන්ම ඒ ටී එම් කාඩ්පත් ලබා ගෙන ඔහු ලබා තිබෙන පරිගණක දැනුමද උපයෝගී කරගෙන එහි මුදල් ද ලබා ගෙන ඇතැයි පොලිසිය කියයි.

සැකකරු ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කිරීමටත් ලිවීමටත් සහජ දක්ෂතාවයක් දක්වන්නෙක් බවත් පොලිසිය කියයි.

නාරාහෙන්පිට, වැල්ලම්පිටිය මහරගම, ,කොහුවල මිරිහාන ,පිලියන්දල හා මාලබේ , වැලිකඩ ආදී පොලිස් වසම් වලදී කොල්ලකෑම් සහ යතුරුපැදි සොරා ගැනීම් සිදුකර තිබූ බව සැකකරුගෙන් දීර්ඝ ලෙස සිදු කළ ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.