(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදෙස් පුරවැසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වහා රටින් පිටුවහල් කරන්නැයි සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ද නොවන අදාල මන්ත්‍රීවරිය වහාම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන මිරිහානේ රැඳවූම් මධ්‍යස්ථානයට ගෙන ගොස් එතැන් සිට රටින් පිටුවහල් කරන ලෙස ද රහුමාන් මහතා පැවසීය.
අදාල මන්ත්‍රීවරිය විදේශ පුරවැසියෙක් ලෙස සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන බවට ලැබුණ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කොට අලුත්කඩේ අධිකරණයේ පැමිණිල්ලක්ද ගොනු කොට තිබෙන බව කී රහුමාන් මහතා ඇය 2014 වසරේ ගත් නේවාසික වීසා මත මෙරට රැඳී සිටින බව ද 2015 වසරේ හත්වෙනි මාසේ එම වීසාව කල් ඉකුත් වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පැවසීය.
ආණ්ඩුව පැහැදිලිවම මේ වාර්තාව යටපත් කර තිබෙන අතර මෙි සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන් දෙදෙනා ස්ථාන මාරු කර තිබෙන බවද මුජුබුර් රහුමාන් මහතා සඳහන් කළේය.
COMMENTS
එයා පිටමං කරල එහේ අයට මෙහේ ඇවිත් නැවතත් රට බාර ගන්න කියන්න . තමුන්නැහැලා අවුරුදු 70 තිස්සේ කරපුව හොඳටම ඇති .සුද්දා ඊට හොඳයි .
මෙක මහ අරුම පුදුම රටක් , යුරොපෙ නම් මෙවගෙ දෙයක් සිඩුවෙන්න තබා සිතන්නවත් බැහැ , එහෙ එහෙම දෙයක් වුනා නම් චුදිතය සමග එකට සම්බන්ද නිලදාරි රොත්තම හිරෙ ගිහින්, අගමති ඉල්ලල අස්වො
සුනාමියකින් නැති වන්න ඕනේ රටක්
විදෙස් පුරවැසි හිටපු ජනාධිපති කෙනෙකුත් ඉන්නවා පිටමං කරනවා නම්.
ඒ සිංහල මහත්මියක්. .මොවුන් කියනවා සිංහල මිනිස්සු පිටුවහල් කරන්නලු. අපි බලන් ඉන්නේ ගම්මිරිස් හොයාන්න ඇවිත් මේ හේ බින්න බැස්ස හමබ්සෙට් එක එලවනකම්
පාර්ලිමේන්ත ඉදිරි පත් කර තිබෙන 77 වන අය-වැය යෝජනාව පාර්ලිමේන්තුවේ යුක්ති ධර්මය අනුව සම්මත විමට නම්, 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන්නන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරය දැරීමේ හිමිකම අහිමි බැවින් , පාර්ලිමේන්තුවේ අය-වැයට ඡන්දය විමසීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහ මන්‍ත්‍රීවරියන්ගේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති සුජාත භාවය ඔප්පු කර තිබිය යුතුය. එසේ නො මැති නම් අය වැය සම්මත වීම හෝ නො වීම යන දෙයාකාරයට ම වන්නේ, පාර්ලිමේන්තුව නියෝජනයේ සුජාත භාවය පිළිබඳව සැකයට බදුන් වීම ය. අය වැයට ඡන්දය පාවිච්චි කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් අතර කවර වූ පාර්ශවයක ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රී -මන්ත්‍රීවරියන් යටත් පිරිසයින් එක් අයෙක් හෝ සිටින්නේ ද එකී ඡන්ද විමසීම සාධාරණ ඡන්ද විමසීම්ක් නො වන බව කිව යුතුය. ජනතාවගේ පරමාධිපත්‍ය සතු ව්‍යවස්ථාදායක බලය නොසලකා හැරීමක් බව කිව යුතු ය. රජයේ සියලු මුදල් බලතල පාර්ලිමේන්තුව සතු බැවින් අය වැය යෝජනාවට ඡන්දය විමසීමට පෙර, ද්විත්ව පුරවැසි බව ලත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටිත් නම් ඔවුන්ගේ ඡන්දය භාවිතා කර
අය වැය සම්මත කිරීම හෝ පරාද වීම තුලින් පාර්ලිමේන්තුවේ ව්‍ය්වස්ථාදාකය බලය උල්ලංඝනය වීමක් සිදු වනවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවේ 76.(1) හි " පාර්ලිමේන්තුව විසින් පර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන් සතු නොකළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදයක බලයක් ඇති කිසිදු අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටවිය යුත්තේ ය." යනුවෙන් ව්‍යවස්ථා කර ඇති බැවින් ව්‍යස්ථාදායක බලය දරණ පාර්ලිමේන්තුව විසින් ජනතාවගේ පරමාධිපත්‍ය සතු එකී බලය රැක දීමට කිරීමට පාර්ලිමේන්තුව වගකීමෙන් බැදී සිටින්නේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට අයිතියක් නොමැතිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තු කටයුතු වලට කටයුතු වලට සම්බන්ධ වීම, ව්‍යවස්ථාදායක බලයට කරන අපහාසයකි. නීත්‍යානුකූලව පත් වී ඇති මන්ත්‍රීවරුන්ට කරන අපහාසයක් මෙන්ම ඔවුන්ගේ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද අයුතු ලෙස භුක්ති විදීමක් ද සිදු වනවා ඇත. මේ අනුව එකී පුද්ගලයන්ට විරුද්ධව පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනතෙහි විධි විධාන යටතේ ක්‍රියා කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරා දඩුවම් ලබා දීමට හැකියාව ඇත.
පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනතෙහි උපලේඛණය අ කොටස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ම පමණක් දඩුවම් කළ හැකි වැරදි 4 වගන්තිය "පාර්ලිමේන්තුව හෝ යම් කාරක සභාවක් රැවටීමේ අදහසින් පාර්ලිමේන්තුව වෙත හෝ කාරක සභාවක් වෙත හෝ ව්‍යාජ අසත්‍ය හේතු හෝ වරදවා පෙන්වූ ලේඛණයක් ඉදිරිපත් කිරීම" යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමකට ප්‍රතිපාදන සලසා ඇත. එයට හේතු වන වරද නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථා ප්‍රකාරව මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ප්‍රථම පාර්ලිමේන්තුව ඉදිරියෙහි දිය යුතු නිළ ප්‍රතිඥාව හෝ දිවුරුම වන "…….. වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට/ ගෞරව බහුමානයෙන් යුත්තව ප්‍රතිඥා දෙමි/දිවුරුම් දෙමි" යන ප්‍රතිඥාව හා දිවුරුම සහ අත්සන් කිරීම අනුව පාර්ලිමේන්තුව රැවටීමකට භාජනය කිරීම හේතු වන බැවිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය බලරහිත වී තිබියදී ඒ බව දැනුවත් භාවය ඇතිව යමෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම, ඡන්දය පාවිච්චි කිරීම දණ්ඩනයට යටත් වන වරදක් බැවින් නීතිපතිවරයා විසින් දිසා අධිකරණයේ නඩු පවරා වන්දි
පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය බලරහිත වී තිබියදී ඒ බව දැනුවත් භාවය ඇතිව යමෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම, ඡන්දය පාවිච්චි කිරීම දණ්ඩනයට යටත් වන වරදක් බැවින් නීතිපතිවරයා විසින් දිසා අධිකරණයේ නඩු පවරා වන්දි අය කර ගැනීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 100 සහ 100 (අ), (ආ) වෙනි ව්‍යවස්ථා තුලින් ප්‍රතිපාදන සලසා ඇත