
(අංජුල මහික වීරරත්න)
උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර 206 කට අධික භූමි ප්‍රමාණයක පුද්ගල නාශක බිමි බෝම්බ ඉවත් කොට සිවිල් ජනතාව වෙනුවෙන් නිදහස් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ ඒකකය පවසයි.
ඒ අනුව මේ වනවිට තවත් වර්ග කිලෝමීටර 15 කට ආසන්න භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ගලවා ඉවත් කිරීමට නියමිතව ඇති බවද එම ඒකකය සඳහන් කරයි.
ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ බිම් බෝම්බ තහනම් කිරීමේ ප්‍රඥප්තිය අත්සන් තබා ඇත. එම ප්‍රඥප්තියට අනුව 2027 ජුනි මාසය වනවිට මෙරට බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත්කළ යුතුය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ බිම් බෝම්බ ඉවත් කිරීමේ රජයේ කඩිනම් වැඩපිළිවෙල අනුව 2026 වසර අවසන්වන විට මෙරට බිම් බෝම්බ වලින්තොර රටක් බවට පත්කිරීමට හැකිවනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd