රවී ඇතුළු 7කගේ පෙත්සමට විරෝධතා ගොනුකරන්න නීතිපතිට කල් දෙයි
හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු 7දෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් සම්බන්ධයෙන් වන විරෝධතා ගොනුකිරීමට නීතිපතිවරයාට ලබන 14 වැනිදා තෙක් කල් ලබාදීමට අභියාචනාධිකරණය අද(25) තීන්දු කළේය.